Home / බොලිවුඩ් ගොසිප් / අනුශ්කා නිෂ්පාදකවරියක් වෙලා

අනුශ්කා නිෂ්පාදකවරියක් වෙලා

2016-01-01 10:07:00       681
feature-top

යෞවනත්වය දිදුලවන අනුශ්කා ශර්මා දැන් අතිශය ජනප්‍රිය නිළියක්. ඇයට 2015 වසර විශේෂත්වයකින් යුතුයි. ඒ, ඇය බොලිවුඩ් සිනමාවට පිවිසී වසර 7ක් ගතවන නිසා. අනුශ්කා පසුගිය දා කියා සිටියේ පරිකල්පන හැකියාවෙන් යුතු චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටවල රඟපාන්නට ලැබීම තමන් ලද භාග්‍යයක් බවයි. මම හරිම කැමැතියි චිත්‍රපටයක් බලමින් ඒ නිර්මාණය තුළ ජීවත්වෙන්න. මේ හේතුව නිසා තමයි මට හොඳ රඟපෑම් කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ.

පහුගිය කාලෙ මට හොඳ අධ්‍යක්ෂවරුන් යටතේ රඟපාන්න ලැබුණා. හැමතැනම හොඳ රසික පිරිසකුත් හිටියා අනුශ්කා ඉන්දීය පුවත් සේවයක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියා.

අනුශ්කා, බොලිවුඩ් සිනමාවට එක්වූයේ 2008 දී තිරගත වූ 'රබ්නෙ බනාඩි ජෝඩි' නම් වූ චිත්‍රපටයේ සුපිරි නළු ශාරුක් ඛාන් සමඟ රඟපෑමෙන්. ඉන් පසුව ඇය 'බෑන්ඩ් බාජා බාරට්', 'ජබ් ටක් හේ ජාන්' ඇතුළු චිත්‍රපට රැසක රඟපෑවා. 2016 දී ඇය රඟපෑ 'ඒ දිල් හේන් මුෂ්කි' නම් වූ චිත්‍රපටය තිරගත වේවි. මෙහි ඇය සමඟ අයිශ්වර්යා රායි සහ රන්බීර් කපූර් රඟපානවා.

මේ අතර, අනුශ්කා තම සිනමා ජීවිතයේ අලුත් පිම්මක් පනින්නට ලකලැහැස්ති වෙනවා. ඒ, චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නටයි. 'NH10' නම් වූ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ නව්දීප් සිං.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »