ශ්‍රීදේවි ජයප්‍රදා අමනාපය මනාපයක් වෙයි

වසර ගණනක් තිස්සේ එකිනෙකාගේ මුහුණවත් නොබැලූ දෙදෙනකු පසුගිය දා යළිත් හිතවත්කමකට මුල පුරා ඇතැයි ආරංචියක් ලැබුණා. ඔවුන් දෙදෙනා තමයි, 80 දශකයේදී ප්‍රභාමත් වූ, ශ්‍රී දේවි සහ ජයප්‍රදා. එවක බොලිවුඩ්පුරයේ මුල් තැන ගත් මේ දෙදෙනා දැඩි අමනාපයකින් පසුවුණා. එය කිසිවකුටවත් රහසක් වුණේ නැහැ.
එවක ජනප්‍රිය වූ මවාලි (1983) ටෝහ්ෆා (1984) ඇතුළු තවත් චිත්‍රපට කිහිපයක එකට රඟපෑ ශ්‍රී දේවි සහ ජයප්‍රදා අමනාප වීම බොහෝ දෙනකුගේ කනස්සල්ලට හේතු වුණා. එදා හින්දි තිරයේ සිටි සුපිරි නළු නිළියන් නිතරම උත්සාහ කළේ මේ දෙදෙනා සමඟි කරන්නටයි. එක් අවස්ථාවකදී චිත්‍රපටයක් රූගත කෙරෙන අතරේදී රාජේෂ් ඛන්නා සහ ජිතේන්ද්‍ර යන සුපිරි නළු දෙපළ අපූරු වැඩක් කළා. චිත්‍රපටයේ රඟපෑමට පැමිණ සිටි ශ්‍රී දේවි ව සහ ජයප්රදාව අල්ලා ගත් රාජේෂ් සහ ජිතේන්ද්‍ර, ඔවුන් දෙදෙනා ව වේශ නිරූපණ කාමරයේ දමා දොරගුළු දමා කීවේ කතාබහ කර මිතුරු වන ලෙසයි. ඒත්, එවැන්නක් සිදුවුණේ නැහැ. අමනාපය දශක තුනක් තිස්සේ දිග ඇදුණා.
කොහොම වෙතත්, මේ අමනාපය දිගින් දිගටම ගෙනයන්නට ශ්‍රී දේවිට වත්, ජයප්රදාටවත් හැකිවුණේ නැහැ. කවුරුත් පුදුමයට පත් කරවමින් පසුගිය දා පැවැති මංගල උත්සවයකදී මේ දෙදෙනා සුහදව කතාබහ කරමින් සිටිනු දකින්නට ලැබුණා. ඒ මංගල උත්සවයේ මනාලයා, ජයප්රදාගේ ඥාති පුත්‍රයෙක්. එයට ශ්‍රී දේවි සහභාගි වූයේ තම සැමියා වන, චිත්‍රපට අධ්යක්ෂ බොනී කපූර් සමඟයි.
Wmqgd .ekSu isK mqj;a m; weiqfrksහතරවැනි තට්ටුවේ සුදු වෑන් රියදුරන් වමාරයි..
2019-12-14 02:29:00කේරළ ගංජා සමග ගොත අසංකගේ ගෝලයෙකු එස් ටී එෆ් අත්අඩංගුවට
2019-12-14 02:27:00හිටපු ජනපති මෛත්‍රී පොළොන්නරුවේ ශ්‍රීලනිප පාක්ෂික හමුවකට එක්වෙයි
2019-12-14 02:23:00ගූගල් සෙවීම් වැඩිම වචනය ‘ශ්‍රී ලංකාව‘
2019-12-14 01:23:00සීල් මත්ස්‍යයාට බාධා එපා
2019-12-14 01:21:00හාල් 100 පනී.. රතුළුණු 500 පනී.. එලවලු මිල අහසේ.. පොල් මිලත් ඉහලට..
2019-12-14 01:06:00බලධාරීන් නොසලකා හැරි සේනා මඩින දේශීය ක්‍රමයක් ගැන පරිසරවේදියෙකුගෙන් අනාවරණයක්
2019-12-14 01:04:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com