Home / බොලිවුඩ් ගොසිප් / කාජල්ගේ නම වෙනස් වෙයි?

කාජල්ගේ නම වෙනස් වෙයි?

2015-12-07 10:19:00       686
feature-top
කජ්ලිමා මුඛර්ජි අද සුපිරු තරුවක්. එනමුත්, සිනමා රසිකයන් ඇයව හඳුනන්නේ ඒ නමින් නොවෙයි, කාජල් යනුවෙන්. බොලිවුඩ් තිරයෙහි වසර ගණනක් රැඳී සිටිමින් ජය‍ කෙහෙළි නැංවූ ඇය ඉඳහිට රංගනයට එක්වෙනවා.

කාජල් රඟන අලුත්ම චිත්‍රපටය, දිල්වාලේ'. මේ චිත්‍රපටයේ ඇය රඟන්නේ ඇයටම ගැළපෙන සිනමා පෙම්වතා එක්කයි. ඔහු තමයි, සුපිරි තරුව, ශාරුක් ඛාන්. මේ චිත්‍රපටය, කාජල්ගේ 23 වසරක සිනමා ජීවිතයේ අමතක නොවන නිර්මාණයක් වේවි. විශේෂයෙන්ම ඇගේ නම, මේ චිත්‍රපටයත් සමඟම කිසියම් වෙනසකට ලක්වෙනවා. දිල්වාලේ චිත්‍රපටයේ කාජල්ව හඳුන්වන්නේ කාජල් දේව්ගන් යනුවෙන්. පසුගිය දශක දෙකකට වැඩි කාලයක් පුරා කාජල්, තම නම අගට පියාගේ වාසගම වන මුඛර්ජි යන්න යෙදුවේ නැහැ. ජනප්‍රිය නළු අජේ දේව්ගන් සමඟ විවාහ වීමෙන් පසුව ද ඇය භාවිත කළේ කාජල් යන නම පමණයි. දේව්ගන් යන වාසගම ප්‍රසිද්ධියේ භාවිත කළේ නැහැ.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »