Home / බොලිවුඩ් ගොසිප් / වැටුණු අමීර් යළි නැගිටියි

වැටුණු අමීර් යළි නැගිටියි

2015-12-04 10:43:00       685
feature-top
ප්‍රසිද්ධ මල්ලවපොර ශූරයකු වන මහාවීර් පෝගට්ගේ ජීවිත කතාව රැගත් චිත්‍රපටයක වැඩ කටයුතු දැන් ඇරැඹී තිබෙනවා. නිටේෂ් තිවාරි අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටයේ මහාවීර් ගේ චරිතය නිරූපණය කරන්නේ සුපිරි නළු, අමීර් ඛාන්. චිත්‍රපටයේ රූගත කිරීම් ඇරැඹුණේ පසුගිය සැප්තැම්බර් මාසයේදීයි. පන්ජාබ් ප්‍රාන්තයේ ලුයියානා ප්‍රදේශයේ තිබුණු රූගත කිරීම් රැසකට අමීර් එක්වී සිටියා. ලුයියානා හි ගුරු නනක් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති රූගත කිරීමකදී සිදුවුණේ නොසිතූ දෙයක්. මල්ලවපොර තරගයක යෙදී සිටින නිරූපණයක් කරද්දී අමීර් හදිසියේම බිම ඇද වැටිලා. සැලකිය යුතු වේලාවක් තිස්සේ දිග හැරෙන එම දර්ශනය රූගත වෙද්දී සිදුවූ මේ අනතුරින් අමීර්ගේ උරහිසක් තුවාල වුණා.

වහාම රූගත කිරීම් නවතා දැමූ අධ්‍යක්ෂ නිටේෂ් ඇතුළු සියලු දෙනා එක්වී අමීර්ට ප්‍රථමාධාර ලබා දුන්නා. ඒත් වේදනාවෙන් පෙලෙමින් සිටින නිසා අමීර්ව වහාම රෝහල් ගත කෙරුණා. එහිදී අමීර්ව පරීක්ෂා කළ වෛද්‍යවරු ඔහුට ඉක්මනින් ප්‍රතිකාර ලබා දී උපදෙස් දුන්නේ නිවෙසට වී විවේකීව සිටින ලෙසයි. එම කාලය තුළදී දින 8ක්ම වේදනා නාශක පෙති වර්ගයක් ගන්නැයි ඔහුට නියම කෙරුණා. අමීර් ව රෝහල් ගත කළ සැණින් ම ඔහුගේ බිරිඳ කිරන් රාඕ සහ බාල පුතු අසාද් එහි පැමිණ සිටියා. ජනප්‍රිය නළු රන්බීර් කපූර් සහ චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජොහාර් ද රෝහලට පැමිණ අමීර් ගේ සෞඛ්‍ය තත්ත්වය විමසුවා.

තරමක සුවයක් ලද පසුව තම ට්විටර් වෙබ් පිටුවට එක්වූ අමීර්, එහි සටහනක් තබමින් මුළු ලොවටම ප්‍රකාශ කළේ සිදුවූ අනතුර එතරම් තදබල එකක් නොවන බවයි. සතියක විවේකයකින් පසුව තමන් නැවතත් ඩන්ගාල් චිත්‍රපටයේ රූගත කිරීම්වලට එක්වන බවත් ඔහු සටහන් කර තිබුණා.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »