ගී ගයන්නත් දක්ෂ සොනාක්ෂි

නිතරම දකින බොලිවුඩ් තරුවක් නොවුණත් සොනක්ෂි සිංහ නම් වූ මේ රූපවන්තිය වත්මන් යොවුන් පරපුර අතර වඩාත්ම ජනප්‍රියයි. ඇය රංගනයට මෙන්ම නර්තනයටත් එක ලෙස දක්ෂ නිළියක් බව කවුරුත් දන්නවා. ඒත් බොහෝ දෙනකු ඇගේ ගායන හැකියාව දැන සිටියේ නැහැ. මෑතකදී පැවැති එක්තරා සිනමා සම්මාන උලෙළකදී ගීතයක් ගයන්නට ඉඩකඩ ලැබීමෙන් තමයි, සොනක්ෂිගේ ගායන හැකියාවන් කවුරුත් හඳුනා ගත්තේ.
රංගනයට, නර්තනයට දක්ෂ මේ යොවුන් නිළිය දක්ෂ ගායිකාවක් ද බව දැනගත්ත ටී-සීරීස් නම් වූ සංගීත සමාගමේ ප්‍රධානී, භූෂන් කුමාර් ඇගේ හැකියාවන් ලොවට පෙන්වන්නට ඉදිරිපත් වුණා.
ඒ අනුව එම ආයතනයේ මැදිහත් වීමෙන් සොනක්ෂිගේ ගීතයක් පටිගත කළා. එය නම් කර ඇත්තේ ඉෂ්කොලික් යනුවෙන්. යොවුන් පරපුර ප්‍රිය කරන වේග රිද්මය මුසු වූ මේ ගීතය ලියා ඇත්තේ කුමාර්. සංගීතවත් කළේ මීට් බ්‍රොස්. සතියකට පමණ උඩදී පටිගත වූ මේ ගීතය වෙනුවෙන් නිර්මාණය කෙරෙන වීඩියෝ දර්ශන නොවැම්බර් මස අගදී රූගත කෙරෙන බවයි, සොනක්ෂි පැවසුවේ.
සොනක්ෂිට ලස්සන කට හඬක් තියෙනවා. රසිකයන් ඇගේ හඬට ප්‍රිය කරන බවට සැකයක් නැහැ. මුළු ලෝකයම එකට එකතු කිරීමේ හැකියාවක් ඇති මේ වගේ ගීතයකට දායක වෙන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. මේ ගීතයත් එක්කම සොනක්ෂිට ඉතාම පහසුවෙන් ගායන ලෝකයට එකතු වෙන්න අවස්ථාව උදා වේවි. ටී සීරිස් අධිපති භූෂන් කුමාර් පැවසුවා.
ඉන්දියාවේ ජනප්‍රිය වූ ඉන්ඩියන් අයිඩ්ල් ජූනියර් නම් වූ රියැලිටි ගායනා වැඩ සටහන්වල විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස ද සොනක්ෂි කටයුතු කළා. Wmqgd .ekSu isK mqj;a m; weiqfrksහතරවැනි තට්ටුවේ සුදු වෑන් රියදුරන් වමාරයි..
2019-12-14 02:29:00කේරළ ගංජා සමග ගොත අසංකගේ ගෝලයෙකු එස් ටී එෆ් අත්අඩංගුවට
2019-12-14 02:27:00හිටපු ජනපති මෛත්‍රී පොළොන්නරුවේ ශ්‍රීලනිප පාක්ෂික හමුවකට එක්වෙයි
2019-12-14 02:23:00ගූගල් සෙවීම් වැඩිම වචනය ‘ශ්‍රී ලංකාව‘
2019-12-14 01:23:00සීල් මත්ස්‍යයාට බාධා එපා
2019-12-14 01:21:00හාල් 100 පනී.. රතුළුණු 500 පනී.. එලවලු මිල අහසේ.. පොල් මිලත් ඉහලට..
2019-12-14 01:06:00බලධාරීන් නොසලකා හැරි සේනා මඩින දේශීය ක්‍රමයක් ගැන පරිසරවේදියෙකුගෙන් අනාවරණයක්
2019-12-14 01:04:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com