Home / බොලිවුඩ් ගොසිප් / සිද්ධාර්ත් මල්හෝත්‍රා අඩි 629ක් උඩ ත්‍රාසජනක අත්දැකීමක

සිද්ධාර්ත් මල්හෝත්‍රා අඩි 629ක් උඩ ත්‍රාසජනක අත්දැකීමක

2015-10-15 09:26:00       674
feature-top
බොලිවුඩයේ ජනප්‍රිය නළු සිද්ධාර්ත් මල්හෝත්‍රා මේ වන විට නවසීලන්තයේ සංචාරයක නිරත වෙමින් සිටිනවා. ඊට හේතුව වී ඇත්තේ සිද්ධාර්ත් මල්හෝත්‍රාව නවසීලන්තයේ සංචාර ප්‍රවර්ධනයේ තානාපති වශයෙන් පත්කිරීමයි. ඔහු ඒ සදහා නවසීලන්තයේ සංචාරයක නිරත වී සිටින අතරතුර වැඩසටන් කිහිපයකටම  සහභාගි වී තිබෙනවා. ඉන් ප්‍රධානම අංගයක් වන්නේ සිද්ධාර්ත් විසින් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර පිහිටි උසම ගොඩනැගිල්ල වන Sky Tower හි ත්‍රාසජනක අත්දැකීමකට සහභාගි වීමයි. ඔහු අඩි 629ක් උසැති එම ගොඩනැගිල්ලේ ඉහළම ස්ථානයට ගොස් කේබල් ආධාරයෙන් විනෝද වී තිබෙනවා. එය ඔහුගේ ජීවිතයේ ඉතාමත් සුවිශේෂී දිනයක් බවද සිද්ධාර්ත් විසින් පවසා ඇති බවයි වාර්තා වන්නේ.

එම ක්‍රියාදාමයෙන් පසු ඔහු නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර පිහිටි විශ්ව විද්‍යාලයක ව්‍යාපාරික විෂය හදාරන සිසු සිසුවියන් පිරිසක් හමුවී සුහද පිළිසඳරක නිරත වී තිබෙනවා.

curtesy : http://www.hirunews.lk


More News »