Home / බොලිවුඩ් ගොසිප් / මිනිස්සුන්ට වඩා මා ළඟ ඉන්නේ බල්ලෝ

මිනිස්සුන්ට වඩා මා ළඟ ඉන්නේ බල්ලෝ

2015-10-11 10:21:00       673
feature-top
මිනිස්සුන්ට වඩා මා ළඟ ඉන්නෙ බල්ලෝ'. මෙහෙම කියන්නේ බොලිවුඩ්පුරයේ යොවුන් තරුවක් වන සුරාජ් පන්චෝලියි. ඔහු, ප්‍රවීණ නළු ආදිත්‍ය පන්චෝලි සහ සරීනා වහාබ් ගේ පුත්‍රයායි.

සුරාජ්, සුනඛයන් ගැන එවැන්නක් කීවේ සැබවින් ම ඔහුගේ බංගලාවේ සුරතල් සුනඛයන් 7 දෙනකු සිටින නිසයි.

ඒ විතරක් නොවෙයි. මේ යොවුන් නළුවා වෙනත් සුරතල් සතුන් ඇති දැඩි කරන්නත් දැඩි ඇල්මක් දක්වනවා. කුකුළු පැටවුන්, ඌරන් කිහිප දෙනෙක්, හාවුන්, විවිධ වර්ගයේ කුරුල්ලන් ද ඒ අතර සිටිනවා. තමන්ගේ බංගලාව කුඩා සතුන් වත්තක් යැයි සුරාජ් පවසන්නේ ලොකු සතුටකින්.

සුරාජ් මෙලෙස සුරතල් සතුන්ට ඇලුම් කරන්න පටන්ගෙන ඇත්තේ ඔහුට වයස අවුරුදු 4ක් තරම් කුඩා අවධියේදීයි. මගේ තාත්තා චිත්‍රපට රූගත කිරීමකට කඳුකර පළාතකට ගිය වෙලාවකදි පුංචි බැටළු පැටි‍යෙක් හම්බවෙලා තිබුණා. ඉතින් තාත්ත ඒ බැටළු පැටියව ගෙදර අරගෙන ආවා. මගේ මුල්ම සුරතලා තමයි ඒ බැටළුවා. එයාගෙ නම ජානු. මගේ සුනඛ මිතුරන් අතරෙ දඩාවතේ හැදුණ බලු පැටව් හතර දෙනෙකුත් ඉන්නවා. කැස්බෑවෙක් ඇති කරන්නත් ආසයි. ඒත්,

ඒක නීතිවිරෝධී වැඩක් නිසා කරන්නෙ නැහැ. සුරාජ් පැවසුවා.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »