Home / බොලිවුඩ් ගොසිප් / දියණිය ගන්නැයි ශ්‍රී දේවි - බොනී අධ්‍යක්ෂකගෙන් ඉල්ලලා

දියණිය ගන්නැයි ශ්‍රී දේවි - බොනී අධ්‍යක්ෂකගෙන් ඉල්ලලා

2015-10-08 09:32:00       675
feature-top
නව යෞවනයේ පසුවන රුවැති යුවතියක් බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නට කල්යල් බලමින් සිටියා. ඇය තමයි, ජාන්වි කපූර්. ඇය කාගේ කවුරුන්දැයි සමහර විට ඔබ දන්නවාත් ඇති. මේ යෞවනිය, බොලිවුඩ් සිනමාවේ ප්‍රවීණ නිළියකගේ සහ ප්‍රවීණ නිෂ්පාදකවරයකුගේ වැඩිමල් දියණියයි. මුළු ලොවම හඳුනන ශ්‍රී දේවි සහ බොනී කපූර් ගේ දියණියයි.

සිනමා රංගනයට එක්වන්න ජාන්වි තුළ නොමඳ ආසාවක් තිබුණා. ඇගේ ඒ බලාපොරොත්තුව ඉටු කරමින් බොලිවුඩ් චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟන්න අවස්ථාව උදාවෙලා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ කේ.වී, විජයේන්ද්‍ර ප්‍රසාද්. ආදර අන්දරයක් මුසුවූ මේ චිත්‍රපටයේ ජාන්වි ගේ පෙම්වතා ලෙස රඟන්නේ බලයාලම් සිනමාවේ ජනප්‍රිය නළුවකු වන ඩුල්කර් සල්මාන්.

චිත්‍රපටයේ නම තවම හෙළිවී නැහැ. ඒ වුණත් මේ චිත්‍රපටය භාෂා හතරක දෙබස් මිශ්‍ර වූ නිර්මාණයක් වේ යැයි පැවසෙනවා. හින්දි, දෙමළ, මලයාලම් සහ තෙලිගු යන භාෂා මුසුවූ දර්ශන මෙහි ඇතුළත් වේවි.

ඩුල්කාර් සල්මාන් ද සිනමාවට සම්බන්ධ පවුල් පසුබිමක් ඇති නළුවෙක්. ඔහුගේ පියා, දෙමළ සිනමා ලොව ජනප්‍රියත්වය හිමිකර ගත් නළුවකු වන මම්මුති යි. ඩුල්කර් මීට කලින් චිත්‍රපට කිහිපයක ම රඟපා නමක් හදා ගන්නට සමත් වී සිටිනවා.

ජාන්වි, මාධ්‍ය ඇසට ලක්වූයේ ශ්‍රී දේවි රඟපෑ ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ් චිත්‍රපටයේ මංගල දර්ශනය තිරගත වූ දායි. එදා ශ්‍රී දේවි සමඟ පැමිණ සිටි ජාන්වි කාගේත් අවධානය දිනා ගත්තා. ඇය, බොලිවුඩ් ලොවට එක්වීම ගැන අදහස් දැක්වූ ශ්‍රී දේවි.... කොයි ළමයත් නළුවෙක් හෝ නිළියක් වෙන්න කැමැතියි. ඒකෙ වැරැද්දක් නැහැ. හැබැයි ඒක ලේසි දෙයක් නෙමෙයි. නළුවෙක් හෝ නිළියක් වෙන්න ඕනෙ නම් ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි‍වෙන්න ඕනෙ. කැ‍පවෙන්න ඕනෙ.

මීට සති කිහිපයකට කලින් මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී දේවි සහ ඇගේ සැමියා, බෙනී කපූර් චිත්‍රපට නිෂ්පාදකවරුන් හමුවී තම දියණිය ව ඔවුන්ගේ චිත්‍රපටවල රංගනයට එක් කර ගන්නැයි ඉල්ලා සිටි බවයි.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »