Home / බොලිවුඩ් ගොසිප් / කාජල්ට ආයෙමත් ඇග ගැන හිතන්න වෙලා

කාජල්ට ආයෙමත් ඇග ගැන හිතන්න වෙලා

2015-10-05 11:54:00       674
feature-top

තරබාරුවෙන් මිදෙන්න තමයි තරබාරු සිරුරු හිමි බොහෝ දෙනෙකු උත්සාහ කරන්නේ. බොලිවුඩයේ වැජඹෙන බොහොමයක් තරු, නිරතුරුවම ඒ උත්සාහයේ යෙදෙනවා. ඒ වෙනුවෙන් නානාප්‍රකාර ව්‍යායාම් කරන බව රහසක් නොවෙයි.

මෑතකදී එහි ප්‍රතිවිරුද්ධ පැත්ත අනුගමනය කරන්න ජනප්‍රිය තරු රැසකටම සිදුවුණා. චිත්‍රපටවල විවිධ චරිත නිරූපණයේ අවශ්‍යතා හැටියට ඔවුනට එලෙස තම තමන්ගේ සිරුරුවල ස්ථුලතාව වැඩි කරගන්න සිදුවී ඇත්තේ. සල්මන් ඛාන්, ශ්‍රද්ධා කපූර්, කාජල්, ඇතුළු නළු නිළියන් රැසක්ම දැන් උත්සාහ කරමින් සිටින්නේ තම සිරුරුවල බර වැඩි කරගන්නයි. කොහොම වෙතත් මේ සුපිරි නළු නිළි කැලට උපදෙස් දෙන ව්‍යායාම් උපදේශකවරු ඔවුනට අවවාද දෙමින් පවසන්නේ ශරීරවල බර මෙලෙස හිටි හැටියේ වැඩි කර ගැනීම එතරම් නුවණට හුරු කටයුත්තක් නොවන බවයි. එය දීර්ඝ කාලීනව සෞඛ්‍ය අපහසුතාවලට මඟ පාදන ක්‍රියාවලියක් විය හැකි බවට ඔවුන් අනතුරු හඟවා තිබෙනවා.

එහෙම වුණත් වෘත්තීය නළු නිළියන් හැටියට මේ සුපිරි නළු නිළියන්ට සිදුවී ඇත්තේ චිත්‍රපටවල අවශ්‍යතා සපුරන්නටයි. ජනප්‍රිය නිළි කාජල්, තමන්ගේ සිරුරුවල තරබාරු බව ඇති කරගන්නේ ඇය රඟන අලුත්ම චිත්‍රපටය දිල්වාලේ වෙනුවෙන්. ජනප්‍රිය යොවුන් නිළි ශ්‍රද්ධා කපූර් ද තරබාරු බව ලබන්න කැමැතියිලු.

ඒ, ඇය රඟන බාගි චිත්‍රපටය වෙනුවෙන්. මම, එනිබොඩි කැන් ඩාන්ස් 2 චිත්‍රපටයේ රඟපාද්දී මගේ සිරුර කෙට්ටු කරගත්තා. දැන් වෙලා තියෙන්නෙ කෙට්ටුව මට්ටු කරගන්න. ශ්‍රද්ධා පැවසුවා. සල්මාන් ඛාන් සහ අමීර් ඛාන් තම සිරුරු වඩාත් පුෂ්ටිමත් කරගත්තේ ඩන්ගල් සහ සුල්තාන් යන චිත්‍රපටවල මල්ලවපොර ක්‍රීඩකයන් ලෙස දෙදෙනාටම රඟපෑමට තිබූ නිසයි. සුල්තාන් ක්‍රියාදාම චිත්‍රපටයක්. ඉතින් ඒ අනුව මගේ ඇඟ හදාගන්න වුණා. සල්මන් එලෙස පැවසුවා.



Wmqgd .ekSu taIshka r weiqfrks

More News »