Home / බොලිවුඩ් ගොසිප් / රිතික්ගේ බිරිද ආයෙමත් විවාහ වෙන්න යන්නෙ අර්ජුන් රම්පාල්වද?

රිතික්ගේ බිරිද ආයෙමත් විවාහ වෙන්න යන්නෙ අර්ජුන් රම්පාල්වද?

2015-09-30 09:15:00       672
feature-top

සිනමා තිරය මත දිග හැරෙන කතන්දරවලදී ජයග්‍රාහකයකු වන්නට රිතික් රෝෂන්ට හැකි වුවත් සැබෑ ලෝකයේදී ඔහුට පසුබා යන්නට සිදුවී තිබෙනවා. ඒ විවාහ ජීවිතයේදීයි. ඔහු සහ සුසෑන් ඛාන් ගතකළ සොඳුරු යුග දිවිය 2014 නොවැම්බරයේදී නිමාවට පත්වීමත් සමඟම දෙදෙනාම ලැබුවේ පරාජයක්. දැන් ඔවුන් දෙදෙනා නීතියෙන්ම වෙන් වී ජීවත්වන බව රහසක් නොවෙයි.

රිතික් සුසෑන් යුගදිවිය දෙදරා ගිය පසුව නොයෙකුත් කටකතා පැතිරෙන්නට පටන් ගෙන තිබෙනවා. මේ දෙදෙනාගේ වෙන්වීමට තවත් කෙනෙකු හේතු වී ඇති බවයි ඒ ඕපා දූපවලින් කියවෙන්නේ. කවුරුන්ද ඒ තැනැත්තා? අහුමුලුවල නොයෙකුත් අය කොඳුරන කතාවලට අනුව නම් ඒ ජනප්‍රිය නළු අර්ජුන් රම්පාල්. ඔහු සහ සුසෑන් අතර පැවැති හිතවත්කමක් මෙයට බලපා ඇතැයි පැවසෙනවා. කෙසේ වෙතත් මේ කතාව අර්ජුන් සහ සුසෑන් මෙන් ම රිතික් ද තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් තිදෙනාම කියන්නේ එවැනි සමීප හිතවත්කමක් නැති බවයි.

මේ අතරේදී තවත් උණුසුම් පුවතක් පැතිරී ගියේ බොලිවුඩ් පුරවරයම රත් කරවමින්. එයින් කියවුණේ සුසෑන් ළඟදීම නැවතත් විවාහ වන්නට ලකලැහැස්ති වන බවයි. ඇය විවාහ වන්නේ රිතික් ගේ සමීප මිතුරකු සමඟ බවත් වරින් වර සඳහන් වූ කාරණයක්. ටික දිනකින් අහන්න ලැබුණේ කිසිවකු නොසිතූ පුවතක් එහි සඳහන් වුණේ සුසෑන් විවාහ වන්නේ අර්ජුන් රම්පාල් සමඟ බවයි. මේ ආරංචිය ලැව්ගින්නක් ලෙස බොලිවුඩ්පුරය පුරා ඇවිලී ගියා. අර්ජුන් රම්පාල් එදා රිතික් සහ සුසෑන්ගේ සමීප හිතවතකු වී සිටිය බව කවුරුත් දන්නා දෙයක්. අර්ජුන් විතරක් නොවෙයි. ඔහුගේ බිරිය ද, රිතික් සුසෑන් යුවළගේ සමීප හිතවතියක වී සිටියා. සුසෑන් සහ අර්ජුන් අතර විවාහයක් සිදුවන බවට ආරංචි පැතිරෙද්දී අර්ජුන්ගේ බිරිය කිසිවක් කීවේ නැහැ.

එයට ප්‍රතිචාර දැක්වූයේ සුසෑන්ගේ අම්මා, සරීන් ඛාන්. ඇගෙන් පළවුණේ උණුසුම් ප්‍රතිචාරයක්. මගේ දුව රිතික්ගේ යාළුවෙක් තියා වෙන කවුරුවත් එක්කවත් විවාහ වෙන්නෙ නැහැ. මේ ආරංචියෙ අංශු මාත්‍රයකවත් ඇත්තක් නැහැ. එහෙම කසාද බඳින අදහසක්වත් නැහැ. මේ ආරංචිය දැනගත්තාම මට පුදුම හිතුණා. මම හිතන්නෙ දැන් අපිට ලබල තියෙන්නෙ නරක දසාවක් කියලයි. සරීන් ඛාන් ආවේගයකින් යුතුව එලෙස කීවා.



Wmqgd .ekSu taIshka r weiqfrks

More News »