Home / බොලිවුඩ් ගොසිප් / විරාට් අනුශ්කාව බලන්න ඇවිත්

විරාට් අනුශ්කාව බලන්න ඇවිත්

2015-09-29 11:38:00       673
feature-top

ඉන්දීය සුපිරි ක්‍රිකට් තරුව විරාට් කෝලි සහ බොලිවුඩ් තරුව අනුශ්කා ශර්මා පෙම්වතුන් බව නොදන්නා කෙනෙකු නැහැ. මේ පෙම් සබඳකම නිසා විරාට් කෝලිගේ ක්‍රිකට් ජීවිතයේ නොයෙකුත් ප්‍රශ්න මතු වූ ආකාරය ද රහසක් නොවෙයි. ඒ වුණත් විරාට් සහ අනුශ්කාගේ ප්‍රේම වෘත්තාන්තය තවමත් ගලාගෙන යනවා. දෙදෙනාගේ ආදරය කිසිදු අයුරකින් හෝ බිඳී ගොස් නැහැ. පසුගිය දා අනුශ්කා ලන්ඩන් නුවර බලා පිටත් වුණා. ඒ අලුත්ම චිත්‍රපටයක දර්ශන රූගත කිරීම් වෙනුවෙන්. කරන් ජොහාර් නම්වූ ප්‍රවීණ සිනමාකරුවාගේ අලුත්ම චිත්‍රපටය වන මෙය නම් කර ඇත්තේ

ඒ දිල් හේ මුෂ්කේ යනුවෙන්. මෙහි අනුශ්කා සමඟ සෙසු ප්‍රධාන

චරිත නිරූපණය කරන්නේ රන්බීර් කපූර් සහ ඓශ්වර්යා රායි.

ලන්ඩන් ගිය අනුශ්කාටත් රන්බීර්ටත් රූගත කිරීම්වලට කලින් කායවර්ධන මධ්‍යස්ථානයක (ජිම් එකක) පුහුණුවීම් කිහිපයක් කරන්න සිදුවුණා. ඔවුන් දෙදෙනා ලන්ඩන්හි සුප්‍රකට කායවර්ධන මධ්‍යස්ථානයකට ගොස් පුහුණුවීම් කළේ දැඩි ආරක්ෂාවක් මැද්දේ.

බාහිර කිසිදු අයෙකුට එම ස්ථානයට පැමිණීම තහනම් කර තිබුණා. මේ නිසා අනුශ්කා සහ රන්බීර් නිදහසේ එම පුහුණුවීම්වල යෙදුණේ ඉතාම සැහැල්ලුවෙන් කතාබහ කරමින්. මෙහෙම පැයක් දෙකක් ගතවුණා. හදිසියේම ඔවුන් දෙදෙනා සිටි තැනට පැමිණියේ විරාට් කෝලි. තම පෙම්වතා දුටු අනුශ්කා පුදුමයෙන් පුදුමයට පත්වුණා. ඇයට පුදුමාකාර සතුටකුත් දැනුණා.  විරාට් එලෙස හිටි හැටියේම ඉන්දියාවේ සිට ලන්ඩනයට ආවේ අනුශ්කාව පුදුමයට පත් කරවන්නටලු!



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »