යේ හායි මොහා බතීන්, එහෙමත් නැත්නම් කවුරුත් දන්නා මේ ආදරයයි කියන සිංහල දෙබස් කැවූ ඉන්දියානු ටෙලිනාට්‍යයෙන් ආලින්දයේදී ඔබ හමුවට එන තවත් එක් සුවිශේෂී චරිතයක් තමයි - බොලිවුඩ් ගොසිප්"/> සැබෑ දිවියේ අහිංසකයෙක් වන මේ ආදරයයි ටෙලි නාට්‍යයේ දුෂ්ට අශෝක් ඛන්නා - බොලිවුඩ් ගොසිප්
Home / බොලිවුඩ් ගොසිප් / සැබෑ දිවියේ අහිංසකයෙක් වන මේ ආදරයයි ටෙලි නාට්‍යයේ දුෂ්ට අශෝක් ඛන්නා

සැබෑ දිවියේ අහිංසකයෙක් වන මේ ආදරයයි ටෙලි නාට්‍යයේ දුෂ්ට අශෝක් ඛන්නා

2015-09-25 10:15:00       677
feature-top
යේ හායි මොහා බතීන්, එහෙමත් නැත්නම් කවුරුත් දන්නා මේ ආදරයයි කියන සිංහල දෙබස් කැවූ ඉන්දියානු ටෙලිනාට්‍යයෙන් ආලින්දයේදී ඔබ හමුවට එන තවත් එක් සුවිශේෂී චරිතයක් තමයි අශෝක් ඛන්නා කියන්නේ. සුවිශේෂී චරිතයක් වුණත් බොහෝ දෙනෙක් ඔහුට කැමැත්තක් දක්වන්නේ නම් නැහැ. එයට හේතුව ඔහු මේ නාට්‍යයේ නිරූපණය කරන්නේ කළු චරිතයක් වීමයි. රමන් ගේ කලින් බිරිඳ වන සගුන් හා විවාහ වන්නේ අශෝක්. ඒ කොහොම වුණත් ඔහු ගැන තොරතුරු දැනගන්නට නම් බොහෝ දෙනෙක් කැමැත්තෙන් ඉන්න බව නම් පෙනෙන්නට තිබෙනවා. මෙවර ඔහු ගැන යමක් කතා කරන්න සිතුවේ ඒ නිසයි.
මේ ආදරයයි නාට්‍යයේ අශෝක් ඛන්නාගේ චරිතය නිරූපණය කරන්නේ සංග්‍රම් සිං කියන රංගන ශිල්පියායි. ඉන්දියාවේ සංග්‍රම් සිං නමින් ප්‍රසිද්ධ පුද්ගලයන් දෙදෙනකු සිටිනවා. එක් කෙනෙක් තමයි අපි කවුරුත් දන්නා අශෝක් ඛන්නා චරිතයට පණ ‍පොවන සංග්‍රම්. අනෙක් කෙනා තමයි ඉන්දියාවේ සිටින ජාත්‍යන්තරයේ පවා නම රැන්දූ දක්ෂ මල්ලව ‍පොර ශූරයකු වන සංග්‍රම් සිං. මොවුන් දෙදෙනාම ඉන්දියාවේ ජනප්‍රිය චරිත, පෙනුමෙන් වෙනස් දෙදෙනකු වුවත් ප්‍රසිද්ධ නිසාම බොහෝ තැන්වලදී මොවුන් දෙදෙනා එකිනෙක මාරු වෙනවා. කොයි තරම් මාරු වෙනවාද කීවොත් යේ හායි මොහාබතීන් නාට්‍යය වෙනුවෙන් ඇති නිල විකිපීඩියා අඩවියෙන් පවා අශෝක් ඛන්නාගේ චරිතය නිරූපණය කරන රංගන ශිල්පියා ලෙස හඳුන්වා දී ඇත්තේ මල්ලව ‍පොර ශූර සංග්‍රම් සිංහයි.
අප දන්නා හඳුනන සංග්‍රම් සිං කියන්නේ පන්ජාබ් ජාතික රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහු සාර්ථකත්වයට පත් වූ මෝස්තර නිරූපණ ශිල්පියෙක්. ඔහුගේ මුල්ම ටෙලිනාට්‍ය වුණේ අයිශ්වර්යා සකුජා කියන සුරූපී නිළිය සමග රඟපෑ යෝ හායි ආශිකි. නමුත් ඔහු වඩාත් ජනප්‍රියත්වයට පත් වුණේ ඔබ අප කවුරුත් දන්නා මේ ආදරයයි නාට්‍යයෙන්.
ඔහු ගැන සම්පූර්ණ ජීව දත්ත තොරතුරක් සොයාගන්නට නැතත් ඔහු විසිනව වැනි වියේ පසුවන බව නම් සොයා ගන්නට පුළුවන් වුණා. ඒත් අභිමන් යූ හැරුණු විට වැඩිම උසකින් යුක්ත නළුවා වන්නේ සංග්‍රම්, සුමිත් අඩි හයක් උස්වන විට සංග්‍රම් අඩි පහයි අඟල් 8ක් උසයි.
මේ ආදරයයි නාට්‍යය වෙනුවෙන් කළු චරිතයක් ඉදිරිපත් කිරීම ගැන බොහෝ දෙනෙක් ඔහුට දොස් කිව්වත්, ඔහු ඒ ගැන දක්වන්නේ එයට වඩා වෙනස් අදහසක්.
මේ නාට්‍යය වෙනුවෙන් මා  ඉදිරිපත් කරන කළු චරිතයට මම කැමැතියි. සැබෑ ජීවිතයේදී මම සරල, සාමකාමී සහ හොඳ කොල්ලෙක්. නමුත් එසේ නොවන ගති ගුණ ඇති චරිතයක් කළ විට මගේ වස් දොස් නැතිවෙලා යනවා කියල මට හිතෙනවා. නළුවෙක් කියන්නේ අපට වඩා වෙනස් ගතිගුණ ඇති කෙනෙකුගේ චරිතයක් නිරූපණය කිරීමක්. අපගේ ගතිගුණවලට සමාන චරිතයක් නිරූපණය කිරීමෙන් විශේෂ හැකියාවක් ඉදිරිපත් කරන්නට ලැබෙන්නේ නැහැ.
කොහොම වුණත් සංග්‍රම් සිං පසුගිය වසරේ කළ එක් ක්‍රියාවක් නිසා ඉන්දියාව පුරා ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ ගියා. නමුත් මේ වැඩේ නම් හොඳ දෙයක් ‍නෙවෙයි. අන්න ඒක තමයි ප්‍රශ්නය. යේ හායි මොහාබතීන් නාට්‍යයේ වගේම වෙනත් නාට්‍ය සහ චිත්‍රපටවල රංගන ශිල්පී කණ්ඩායම සම්බන්ධ උපදේශිකාව වන සෝනියා සිංගේ පරණ පින්තූරයක් දවසක් සංග්‍රම්ට හම්බ වුණා. මේක සෝනියා සිං ‍පොලීසියක ඉන්න පින්තූරයක්. ඔහු කළේ මේ පින්තූය ට්විටර් කියන සමාජ ජාල වබේ අඩවියේ පළ කරන එකයි. එසේ කිරීමෙන් පසුව නිකම් හිටියා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔහු මේ පින්තූරයට යටින් සඳහන් කරලා තිබුණේ. සෝනියා මහජන සාමයට හානිවෙන ක්‍රියාවක් කළ නිසා ඇයට ‍පොලීසියට යන්න සිදු වූ බවයි. මේක විහිළුවක් වගේ පෙනුණත් වැඩේ දුරදිග ගියා. සෝනියා වහාම ‍පොලීසියේ පැමිණිල්ලක් දමමින් පවසා සිටියේ මෙයින් තමාට අපහාසයක් සිදු වූ බවයි. එහි ප්‍රතිඵලය වුණේ ‍පොලීසිය විසින් සංග්‍රම්ව අත්අඩංගුවට ගැනීමයි. සෝනියා සිං ‍පොලීසිය හා පවසා තිබුණේ ඇයත්, සංග්‍රම් අතරත් කලින් මිත්‍රත්වයක් තිබුණත්, ඔහුව හොඳ චිත්‍රපටයකට තෝරා නොගැනීම ගැන ඔහුගේ සිතේ ඇය ගැන තරහක් තිබුණු බවයි. ඒ නිසා මේ සිදුවීම සිදුවන විට ඔවුන් අතර මිතුරුකමක් පැවැතී නැහැ. පසුව ඇප පිට සංග්‍රම් නිදහස් වුණා. ඔහුගේ මිතුරු රංගන ශිල්පීන් දෙදෙනකු වන කරන් අරෝරා සහ කරන් කුන්ද්‍රා ද මේ ගැන ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනුණා.
සංග්‍රම් සිං යේ හායි මොහාබතීන් නාට්‍යය නිසා ජනප්‍රියත්වයට පත් වුණත්, ඔහු සිනමාවේ ද රංගනයෙන් දායක වන ශිල්පියෙක්. කෙසේ නමුත් දැනට ඔහු නිරත වන්නේ පංජාබ් සිනමා කර්මාන්තයේ පමණයි. 2014 අගෝස්තු මාසයේදී ඔහුගේ කොන්ටේ‍රා්ල් බාජි කොන්ටේ‍රා්ල් චිත්‍රපටය තිරගත වුණා.
ඔහු පවසන්නේ සිතාගන්නට බැරි කාරණයක් නිසා පසුගිය වසර හතරක කාලය පුරාම තමාට පෙම්වතියක් නොසිටි බවයි. නමුත් සුරූපී තරුණියක් සමග පෙමින් බැඳෙන්නට ඔහු කැමති බවත් පවසනවා. චොක්ලට්වලටත් ගෙදර හදන කුකුල් මස්වලටත් කැමති ඔහු අනාගතයේදී රංගන ශිල්පියෙකුට වඩා තම පියා මෙන් ව්‍යාපාරිකයෙක් විදිහට ජීවත්වන්නට තිබෙනවා නම් හොඳ යැයි පවසනවා.

Wmqgd .ekSu ,lau mqj;a m; weiqfrks

More News »