Home / බොලිවුඩ් ගොසිප් / පරණ පෙමක් අලුත්වෙයි

පරණ පෙමක් අලුත්වෙයි

2015-09-24 09:28:00       673
feature-top
සැබෑ ජීවිතයේ ප්‍රේමවන්තයින් ලෙස කලක් එකට සිටි රන්බීර් කපූර් සහ දීපිකා පදුකෝන්ගේ ආදර අන්දරය ඔවුන්ගේ රසික රසිකාවියන් හොදින්ම දන්නවා ඇති. ඔවුන් දෙපළගේ එම ආදර කතාන්දරය මීට ටික කලකට පෙර බිදී ගිය අතර, පසුව දීපිකා රන්වීර් සිං සමග එක්වුනා. එමෙන්ම රන්බීර් කපූර් කත්‍රිනා කපූර් සමග ද එක්වූ බව නොරහසක්.

නමුත් රන්බීර් සහ දීපිකා නැවත වරක් පෙම්වතුන් වී තිබෙනවා. ඒ "Tamasha" චිත්‍රපටය තුළින්. අධ්‍යක්ෂක ඉම්ටියාස් අලීගේ මෙම නිර්මාණයට සංගීතයෙන් දාකත්වය ලබාදෙන්නේ ලොව සුපිරි සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන ඒ.ආර්. රහුමාන් විසින්.

තනිකඩ තරුණයෙකුගේ ජීවිතයට තිත තබමින් ටික දිනකට වෙනත් වාසස්ථානයකට යන රන්බීර්ගේ ජීවිතයට ලැබෙන අලුත්ම අත්දැකීම වටා ගෙතෙන අලුත්ම චිත්‍රපටයයි "Tamasha". මෙම චිත්‍රපටය ලබන නොවැම්බර් මස 25 වැනිදා ඇමෙරිකාවේදි රිදී තිරයට පළමුවෙන්ම පැමිණෙන අතර, අනෙකුත් රටවල ඉන් අනතුරුව තිරගත වනු ඇති.

curtesy : http://www.hirunews.lk



More News »