Home / බොලිවුඩ් ගොසිප් / ඓශ්වර්යා අරාබි උගනියි

ඓශ්වර්යා අරාබි උගනියි

2015-09-23 09:45:00       674
feature-top

ලෝක රූ රැජනක ලෙස කිරුළ දැරූ ඇය, නැවතත් බොලිවුඩ් සිනමාවට එක්වීමට සූදානම්. ඇය, ඓශ්වර්යා රායි. මවු පදවිය ලැබී සිඟිති දියණිය ආරධ්‍යාගේ සියලු කටයුතු කරමින් නිවසෙහි රැඳී සිටි ඇය, නැවතත් තම සිනමා ජීවිතයේ දෙවැනි ගමන ආරම්භ කරන්නේ සන්ජේ ගුප්තා අධ්‍යක්ෂණය කරන ජාස්බා චිත්‍රපටයෙන්. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ඓශ්වර්යා රායි, ජෝන් ඒබ්‍රහම්, ඉර්ෆාන් ඛාන් සහ ශබානා ආස්මි.

ඓශ්වර්යා මෙහි නිරූපණය කරන්නේ නීතඥවරියකගේ චරිතයක්. චිත්‍රපටයේ තිර නාටකය කියවූ විගසින්ම ඇය එහි රඟපෑමට එකඟ වුණේ දැඩි සතුටකින්. මීට පෙර නීතිඥවරියන් ලෙස ජනප්‍රිය නිළියන් කිහිප දෙනකුම රඟපා තිබෙන නිසා ඓශ්වර්යාත් බලාපොරොත්තුව සිටියේ එවැනි චරිතයක් නිරූපණය කරන්නයි. ඒ නිසයි ඇය ජාස්බා චිත්‍රපටයේ රංගනයට එක්වරම කැමැති වුණේ.

මීට කලින් නර්ගීස්, රේඛා, රාණි මුඛර්ජි, සුශ්මිතා සෙන්, කරීනා කපූර් වැනි ජනප්‍රිය නිළියන් නීතිඥවරියන් ලෙස රඟපෑවා.

ඓශ්වර්යා ජාස්බා චිත්‍රපටයේ රඟපෑ මේ චරිතය වෙනුවෙන් ඇයට අරාබි භාෂාව ඉගෙන ගන්නත් සිදුවුණා. මේ අවශ්‍යතාව මතුවුණේ ජාස්බා චිත්‍රපටය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රටවල් කිහිපයකම තිරගත කිරීමට කටයුතු යොදා තිබෙන නිසයි. චිත්‍රපටයේ නිෂ්පාදකවරු තීරණය කළේ මේ රටවල්වල ප්‍රේක්ෂකයන් වෙනුවෙන් චිත්‍රපටයට අරාබි භාෂාවෙන් දෙබස් කැවීමටයි. ඒ අනුව මේ චිත්‍රපටයේ සෑම චරිතයක් වෙනුවෙන්ම අරාබි දෙබස් මුසු කිරීමට දක්ෂ හඬ කැවීම් ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ හඬ යොදා ගන්න තීරණය වුණා. ඒත් ඓශ්වර්යා පමණක් ඊට එකඟ වුණේ නැහැ. ඇය පැවසුවේ තමන්ගේ චරිතයට තමන්ගේ හඬම මුසු කළ යුතු බවයි. හැබැයි, ඇය අරාබි භාෂාව දන්නේ නැහැ. අධ්‍යක්ෂවරයාගේ අදහස වුණේ අරාබි භාෂාව දන්නා ශිල්පිනියක යොදා ගැනීම වඩාත් සුදුසු බවයි.

ඓශ්වර්යා එයට ප්‍රතිචාර දක්වමින් කීවේ වෙනත් ශිල්පිනියකගේ හඬ තමන් රඟපෑ චරිතයට යොදා ගතහොත් තමන්ගේ චරිත නිරූපණය සහමුලින්ම විනාශ වන බවයි. මේ ගැන තර්ක විතර්ක මතුවුණා. අන්තිමේදී අධ්‍යක්ෂවරයා, ඓශ්වර්යාට කීවේ අරාබි භාෂාව කතා කරන අයුරු හදාරා ඉන් පසුව දෙබස් කැවීමේ කටයුත්තට එක්වන ලෙසයි. ඊට එකඟ වූ ඓශ්වර්යා පසුගිය සති කිහිපය තිස්සේම කාලය කැප කළේ අරාබි භාෂාව හදාරන්නයි. ළඟදීම ඇය, ජාස්බා චිත්‍රපටයේ තමන් රඟපෑ චරිතය වෙනුවෙන් අරාබි බසින් දෙබස් කීමේ කාර්යයට එක්වේවි.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »