Home / බොලිවුඩ් ගොසිප් / සල්මන් - කට්රිනා යළි පෙම් කරයි ද?

සල්මන් - කට්රිනා යළි පෙම් කරයි ද?

2015-09-22 08:44:00       673
feature-top

සල්මන් ඛාන් - කට්රිනා කායිෆ් යුවළ මීට වසර කිහිපයකට පෙර සැබෑ ජීවිතයේ පෙම්වතුන් ලෙස කල් ගෙවූ බව රහසක් නොවෙයි. ප්‍රේමයෙන් සමුගත් මේ දෙදෙනා ඉන් පසුව කිසිදු චිත්‍රපටයක එකට රඟපෑවේ නැහැ. දෙදෙනා අවසන් වතාවට රඟපෑවේ 2012 දී තිරගත වූ ඒක් ථා ටයිගර් චිත්‍රපටයේ දැන් නැවතත් වසර 3 කට පසුව ඔවුන් දෙදෙනා පෙම්වතුන් ලෙස රඟන්නට එකඟ වෙලා. ඒ, අතුල් අග්නිහෝත්‍රි අධ්‍යක්ෂණය කරන අලුත්ම චිත්‍රපටයේ.

අතුල්, සල්මන්ගේ මස්සිනායි. අතුල් විවාහ කර ගෙන සිටින්නේ සල්මන්ගේ නැඟණිය අල්විරා ඛාන්වයි. සල්මන් මෑතකදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ අතුල්ගේ මීළඟ චිත්‍රපටයේ තමන් රඟපාන බවයි. ඒත් ඊට වඩා වැඩි යමක් ප්‍රකාශ කරන්න ඔහු මැලි වුණා. ඕපාදූපවලින් නම් කියැවෙන්නේ ඒක් ථා ටයිගර් යුවළ මේ වන විට සමගි සමාදාන වී ඇති බවයි.

කෙසේ වෙතත්, එක් මාධ්‍යවේදියකු සල්මන්ගෙන් ඇසුවේ මේ චිත්‍රපටයේ ඔබගේ පෙම්වතිය ලෙස කට්රිනා රඟපෑමට කැමැත්ත දක්වා ඇති බව සත්‍යයක් ද? යන්නයි. ඊට උත්තර දුන් සල්මන් මෙහෙම කීවා...

මම හරිම කැමැතියි, කට්රිනා එක්ක රඟපාන්න.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »