Home / බොලිවුඩ් ගොසිප් / ප්‍රියංකාට නිව්යෝක් නිවසක්

ප්‍රියංකාට නිව්යෝක් නිවසක්

2015-09-21 11:10:00       674
feature-top
එකවර චිත්‍රපටයක සහ රූපවාහිනී වෘත්තාන්තයක රඟන්නට ප්‍රියංකා චොප්රාට සිදුවෙලා. චිත්‍රපටය, සන්ජේ ලීලා බන්සාලිගේ අධ්‍යක්ෂණයක් වන බජිරාවෝ මස්තායි රූපවාහිනී වෘත්තාන්තය, ක්වොන්ටිකෝ'. මෙය ඇමෙරිකානු ටෙලි නාට්‍ය මාලාවක් ලෙස හැඳින්විය හැකියි. බජිරාවෝ මස්තානි චිත්‍රපටයේ රූගත කිරිම්වලට වඩා ක්වෝන්ටිකෝ හි රූගත කිරිම් වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමට සිදුවී ඇති නිසාදෝ, ප්‍රියංකාට මාස 6 ක පමණ කාලයක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ගත කරන්න සිදුවෙලා.

මේ හේතුවෙන් ඇයට නිව්යෝක් නුවරින් නිවහනක් කුලියට ගන්නත් සිදුවෙලා. පසුගිය දිනවල ඒ සඳහා සුදුසු නවාතැනක් සෙවූ ප්‍රියංකාට අගනා නිවහනක් ලැබිලා. සුපිරි තට්ටු නිවාස සංකීර්ණයක පිහිටි මේ නිවහන නිදන කාමර 5 කින් සමන්විතයි. මෙවන් සුඛෝපභෝගී නිවහනක් ඇය තෝරාගෙන ඇත්තේ ඇගේ මිතුරු මිතුරියන්ටත් එක්කයි. මේ සියලු කටයුතුවලදී ප්‍රියංකාට සහාය වන්නේ ඇගේ ආදරණීය මව වන මධු චොප්රා මහත්මියයි. ඇය ද තම දියණිය සමඟ ඉදිරි හය මසක කාලය තුළ මේ තට්ටු නිවාසයේ රැඳී සිටීවි.

ක්වෝන්ටිකෝ ටෙලි නාට්‍ය මාලාවේ රඟන්නේ ලෝක ප්‍රකට එෆ්. බී. අයි. ඇමෙරිකානු ඔත්තු සේවයේ නියුතුව සිටින ඇලෙක්ස් පාරිශ් නමැත්තියගේ චරිතයයි. මේ ටෙලි නාට්‍යය සැප්තැම්බර් 27 දා සිට ඒ. බී. සී. රූපවාහිනී චැනලය සහ ඉන්දියාවේ ස්ටාර් වර්ල්ඩ් චැනලය ඔස්සේ විකාශය වීමට නියමිතයි.

ප්‍රියංකා, බජිරාවෝ මස්තානි චිත්‍රපටයේ රඟන්නේ රන්වීර් සිං සහ දීපිකා පදුකෝන් සමඟයි. එය තිරගත කිරීම ඇරැඹීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 18 දා සිට.




Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »