Home / බොලිවුඩ් ගොසිප් / කටකතා වලට  නිහඬ ප්‍රතිචාරයක්

කටකතා වලට  නිහඬ ප්‍රතිචාරයක්

2015-09-17 09:21:00       675
feature-top
විවාහයෙන් පසුව ජෝන් ඒබ්‍රහම්ගේ ජීවිතය හැල හැප්පීම් වලට හසුවෙලාද? මේ අයුරින් ප්‍රශ්නයක් නැගෙන්නේ ඔහු ගැන පසුගිය දෙසතිය තුළ නොයෙකුත් කටකතා පැතිරී ගිය නිසයි. බොලිවුඩ්පුරයේ සමහරු අහුමුලුවල කළ රහස් කතාවල මාතෘකාව තිබුණේ ජෝන් ඒබ්‍රහම් ගැනයි. ඒ කසු කුසුවල කියැවුණේ ජෝන් සහ ඔහුගේ බිරිය ප්‍රියා රන්චාල් ගේ විවාහය ජීවිතය දෙදරා ගොස් ඇති බවයි.

මේ කතාවේ ඇත්ත නැත්ත විමසන්න කවුරුත් උනන්දු වුණා. ජෝන් නම් මේ ගැන කිසිවක් කීවේ නැහැ. සමහරු අහන ප්‍රශ්න වලට උත්තර නොදී ඔහු මඟ හැරියා. මුනිවත රකිමින් සිටි ජෝන් ට ඔය අත‍ෙර් දී මාධ්‍ය හමුවකට සහභාගි වෙන්න සිදුවුණා. එය පැවැත්වුණේ ඔහු ප්‍රධාන චරිතයක් රඟන වෙල්කම් බැක් චිත්‍රපටයේ තොරතුරු කියන්නයි. ඒ නිසා ජෝන් ට ඒ මාධ්‍ය හමුවට නොගිහින් ම බැරි වුණා. චිත්‍රපටයේ තවත් චරිතයක් රඟන ප්‍රවීණ නළු අනිල් කපූර් ද එම ස්ථානයට පැමිණ සිටියා.

මාධ්‍යවේදී පිරිස වෙල්කම් බැක් චිත්‍රපටය ගැන වැඩි විස්තර විමසුවා. ඉන් පසුව එක්වර ම ඔවුන් ජෝන්ගෙන් ඇසුවේ ඔහුගේ විවාහ ජීවිතය ගැනයි.

මම කැමැති, මගේ චිත්‍රපටි ගැන අහනව නම් තමයි. ජෝන් ඒ ප්‍රශ්න මඟ හරමින් කීවා. මෙහිදී ඔහුගේ ආරක්ෂාවට ඉදිරියට පැමිණියේ අනිල් කපූර්. ජෝන් දැන් හරිම සතුටෙන් විවාහ ජීවිතය ගත කරනවා. අනිල් එලෙස පවසද්දී ජෝන් නිහඬව සිටියා.

මේ කටකතා කොහොම වෙතත් ජෝන් මීට මාස කිහිපයකට කලින් කීවේ තම බිරිය ප්‍රියා ඇ‍ෙමරිකාවේ වැඩිදුර අධ්‍යාපනය ලබමින් සිටින බවයි. තමන් සහ ප්‍රියා ඉතා සතුටෙන් සිටින බවත් ඔහු පවසා තිබුණා

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »