Home / බොලිවුඩ් ගොසිප් / සායිෆ් දියණිය දොරට වඩියි

සායිෆ් දියණිය දොරට වඩියි

2015-09-15 03:26:00       673
feature-top

සායිෆ් අලි ඛාන් සහ ශාහිඩ් කපූර් පළමු වතාවට එකට රඟපාන චිත්‍රපටයක් ළඟදීම තිරගත වීමට නියමිතයි. විශාල් භාරද්වාජ් අධ්‍යක්ෂණය කළ රැන්ගූන් චිත්‍රපටයේ තමයි මේ සුපිරි නළු දෙපළ රඟන‍්නේ. සායිෆ් සහ ශාහිඩ් අතර අමනාපයක් පවතින බවට පවතින කටකතාවලට මේ රඟපෑමත් සමඟම විරාමයක් ලැබේවි. (පසුගිය කාලයේ බොලිවුඩ්පුරයේ ඇතැමුන් කීවේ මේ දෙදෙනා අතර තදබල විරසකයක් පවතිනවාය කියලයි.)

මේ අතර දෙදෙනාගේ හිතවත්කම තහවුරු කෙරෙන බවත් විශේෂ දෙයකුත් සිදුවී තිබෙනවා. සායිෆ් ගේ කලින් විවාහයේ දියණිය වන සාරා සහ ශාහිඩ්ගේ බාල සොහොයුරු ඉෂාන් ඛට්ටාර් නව නළු නිළි යුවළක් ලෙසින් චිත්‍රපටයක ප්‍රධාන චරිත නිරූපණය කරන්නට ලක ලැහැස්ති වීම, ඒ විශේෂ කාරණයයි. මේ දෙදෙනා රංගනයෙන් දොරට වඩින්නේ කරන් ජොහාර් අධ්‍යක්ෂණය කරන අලුත් ම චිත්‍රපටයකින්ලු.

මීට කලින් ද චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජොහාර් යොවුන් නළු නිළි දෙපළක් බොලිවුඩ් සිනමාවට එකතු කළා. ඒ දෙදෙනා තමයි, වරුන් ධාවන් සහ ආලියා භාට්. මේ යුවළ රඟපෑවේ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් චිත්‍රපටයේ. සාරා අලි ඛාන් සහ ඉෂාන් ඛට්ටාර් රඟන චිත්‍රපටයේ වැඩ කටයුතු ඇරඹෙන්නේ කවදාද, ඒ චිත්‍රපටයේ කතා තේමාව කුමක් ද යන කාරණා මෙතෙක් හෙළිදරව් වී නැහැ.

මේ චිත්‍රපටයේ කරීනා කපූර් ගේ රංගනයක් ඇතුළත් වන බවක් ද දැන ගන්න ලැබුණා. (සායිෆ් ගේ කලින් බිරිය වූ අම්රිතා සිං තමයි සාරා ගේ මව. ඒත් සායිෆ් සමඟ දැන් විවාහ වී සිටින කරීනා කපූර්, සාරා දියණිය සමඟ සුහද ව කටයුතු කරන බවයි පැවසෙන්නේ.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »