Home / බොලිවුඩ් ගොසිප් / විවාහයෙන් පස්සේ සායිෆ් වෙනස් වෙලා - kareena kapoor

විවාහයෙන් පස්සේ සායිෆ් වෙනස් වෙලා - kareena kapoor

2015-09-14 09:16:00       675
feature-top

බොලිවුඩ් සරාගී නිළි ලැයිස්තුවේ අවුරුදු හතරක්ම පළමුවැනි ස්ථානය අරගෙන හිටියෙ කරීනා කපූර් ඛාන්. නමුත් පසුගිය අවුරුදු දෙක තුන ඇතුළත නම් ඇයට ඒ ස්ථානය රැක ගන්න පුළුවන් වෙලා තිබුණේ නැහැ. මේ ගැන වගේම පෞද්ගලික තොරතුරු ටිකකුත් ෆිල්ම් ෆෙයාර් සඟරාව කරීනා එක්ක කතා බහ කරලා තිබුණා.

ඔබ පසුගිය කාලෙ වැඩිපුරම රඟපෑවෙ මසාලා චිත්‍රපටවල. (මසාලා කියන්නේ වාණිජ රැලේලේ චිත්‍රපට) දැන් ඒවා අතහැරලා ත්‍රාසජනක චිත්‍රපටවල රඟපාන්න පටන් ගත්තෙ ඔබේ ජනප්‍රියතාව අඩුවේගෙන යන නිසාද?
කොහෙත්ම නෑ. මම අදටත් කැමැති මසාලා චිත්‍රපටවලට. ඒත් මේ දවස්වල මට වැඩිපුරම පිටපත් ලැබෙන්නේ ත්‍රාසජනක චිත්‍රපට. හොඳ පිටපත් භාරගෙන රඟපානවා. ඒකයි වෙනස. හැබැයි ත්‍රාසජනක චිත්‍රපට නිසා මට ඇඟ ටිකක් මහන්සි කරවන්න වෙලා තියෙනවා.
එක දිගට මේ වගේ චිත්‍රපට භාරගන්න බය හිතෙන්නෙ නැද්ද?
චරිතාංග නිළියක් වුණාම ඕනෙම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕනෙ. ඒකටයි චරිතාංග කියලා කියන්නෙ. මාව ත්‍රාසජනක චිත්‍රපටවලට ගැළපෙනවා ඇති. ඒකයි මේ කාලෙ ඒ වගේ පිටපත්ම ලැබෙන්නේ.


අර්ජූන් කපූර් කියලා තිබුණා ඔහු ඔබේ රසිකයෙක් කියලා. මේ ගැන මොකද කියන්නෙ?
ඔහු මගේ රසිකයෙක් නෙවේ මගේ සම නළුවෙක්. අනිත් එක අපි අවුරුදු ගණනාවක් ඉදලා යාළුවො. අපේ පවුල් දෙකත් එහෙමයි.
සමහරු කියනවා විවාහයෙන් පස්සේ පිරිමි වෙනස් වෙනවා කියලා. සායිෆ් වෙනස් වෙලාද?
ඔව්, එයා වෙනස් වෙලා ගොඩක් හොඳ විදියට. එයා වගකීම් සහිත කෙනෙක් බවට පත්වෙලා. අපේ බැඳීමටත් විවාහයටත් එයා ලොකු වටිනාකමක් දීලා තියෙනවා. එයා නිසා මගේ ජීවිතය ගොඩක් සුවපහසු වෙලා.


ඔබත් එක්ක ගත කරපු පහුගිය කාලයට වඩා ඔහු වෙනස් වෙලාද?
දැන් ඔහු මගේ සැමියා වුණාට ඉස්සර වගේම තාමත් මගේ හොඳම මිතුරා ඔහු. අපි දෙදෙනාට දෙදෙනා විවෘතයි. ඒ නිසා ප්‍රශ්න ඇති වෙන්නේ නෑ. විවාහයට කලින් වගේම ඔහු නැතිව මම මගේ මිතුරන් එක්ක රාත්‍රි කෑමකට එළියට යනවට ඔහු අකැමැති නෑ. මමත් එහෙමයි. අපි මේ බැඳීම තේරුම් අරගෙනයි ඉන්නේ.
විශාල නිවෙසක හිමිකාරියක් විදියට නිවෙසේ වැඩකටයුතු පාලනය කරන්නේ ඔබද?
අපි දෙන්නම කාර්ය බහුලයි. ඒ නිසා ගෙදර වැඩ මඟ හැරෙන වෙලාවල් තියෙනවා. නමුත් වැඩ කරන අයට මම හැම දෙයක් ගැනම උපදෙස් දෙනවා. ඒ නිසා ඒ වැඩ හරියට ඉටු වෙනවා. මට ඕනෙ ගෙදර විවේකී නිදහස් තැනක් බවට පත් කරන්නයි.


ඔබේ පවුලේ අය එක්ක ගත කරන්න නිවාඩු වෙලාවක් නැති තරම්ද?
හැම මාස තුනකට සැරයක්ම
මම සති දෙකක නිවාඩුවක් ගන්නවා. ඒ සති දෙක මම ගත කරන්නේ පවුල් අය වෙනුවෙන්. අපි ටි්‍රප් යනවා, විනෝද වෙනවා. හැබැයි පැපරාසි මාධ්‍ය නැති දිහාවකට තමයි යන්නේ. ඒ නිසා කවදාවත් අපේ විනෝද ගමන් ගැන මාධ්‍ය දැන ගන්නේ නෑ. මේ වැඩේට සායිෆ් නම් වැඩි කැමැත්තක් නෑ. එයා කියන්නෙ අපි නිවාඩුවක් ගත කරනවා කියලා අපේ රසික රසිකාවියන් දන්නෙ නැති නිසා අපි ගැන ඔවුන් වද වෙනවා කියලයි. ඒත් මේ වගේ විවේකයක් ජීවිතයට අත්‍යවශ්‍යයි.
ඇයි මාධ්‍ය නැති දිහාවකට යන්නෙ?
මාධ්‍ය නිසා තමයි අපි ජීවත් වෙන්නෙ. නමුත් සමහර වෙලාවට මාධ්‍ය අපිව නැති කරනවා. මොනවා වුණත් කෙනකුගේ පෞද්ගලිකත්වය ප්‍රසිද්ධ කරගන්න එක වදයක්. පෞද්ගලිකත්වය කියන්නෙ පොදු දෙයක් නෙවෙයි. මම ෆේස් බුක්, ට්විටර්වලට මගේ විනෝද චාරිකාවල ෆොටෝවත් අප්ලෝඩ් කරන්න කැමැති නැහැ. නිදහස තියෙන්නෙ පෞද්ගලිකත්වයත් එක්කයි.
තනිකඩ ජීවිතය හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද?
කවදාවත් නෑ. මම තනියම ඉද්දී හීන මැව්වෙ විවාහ වෙන්න. ඒ වගේම මගේ විවාහය ගැන මම තෘප්තිමත්. ඒ නිසා වෙන්නැති එහෙම නොහිතෙන්නෙ.
ඔබ එකට වැඩකරන්න කැමැතිම නළුවා කවුද?
වරුන් ධවාන්. ඒත් මම ඔහු එක්ක තාමත් එකට වැඩ කරලා නෑ.


ඔබ සමඟ රඟපෑ නළුවන් අතරින් කැමැතිම නළුවා කවුද?
සල්මන් ඛාන් සහ අජේ දේව්ගන්. ඔවුන් දෙදෙනාම මගේ සමීපතම මිතුරන් වීමත් හේතුවක් වෙන්න ඇති.
රිදී තිරයේ සායිෆ්ට ගැළපෙනම පෙම්වතිය කවුද?
දීපිකා පදුකෝන්
බොලිවුඩ් සිනමාවේ කඩවසම්ම නළුවා කවුද?
ඛාන්ලා හැමෝම කඩවසම්. ඒ අතරින් අමීර්, ෂාරුක්, සල්මාන් විශේෂයි.
වැඩ කරන්න කැමැතිම අධ්‍යක්‍ෂවරයා කවුද?
හැමදාමත් කැමැති රාජ්කුමාර් හිරානිට
ඔබ ඊර්ෂ්‍යා කරන නිළිය කවුද?
කවුරුත් නෑ. දෙවියෝ දීලා තියෙන්නෙ මට ඊර්ෂ්‍යා කරන අයව විතරයි.
ආලියා බාත් කියන්නෙ මීළඟ කරීනා කපූර් කියලා ගොඩක් අය කියනවා. ඒ ගැන මොකද ඔබ හිතන්නෙ?
ආලියාට එයාගෙම ශෛලියක් තියෙනවා. එයා ආලියා බාත් මිසක කරීනා කපූර් වෙන්න ඕනෙ නෑ. අනිත් එක කවදාවත්ම කාටවත්ම කරීනා කපූර් වෙන්න බැහැ.
ඉදිරියෙදී බලන්න කැමැත්තෙන් ඉන්න ෆිල්ම් මොනවද?
ෂාරුක් ඉන්න දිල්වාලේ සහ අමීර් ඉන්න ධන්ගාල්
ළඟදී පවත්වන්න තියෙන බ්ලොක්බස්ටර් උළෙලට යන්නද කැමැති සායිෆ් එක්ක විනෝද චාරිකාවක් යන්නද?
දෙකටම. ඉස්සෙල්ලා බ්ලොක්බස්ටර් උළෙලට ගිහින් පහුවදාම විනෝද චාරිකාව යනවා.
විවාහය ගැන එක දෙයක් කියන්න.
ඒක මාරයි



Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »