Home / බොලිවුඩ් ගොසිප් /  දුරුතු මහේදී බිලිඳෙකුගේ සෙනෙහස

 දුරුතු මහේදී බිලිඳෙකුගේ සෙනෙහස

2015-09-13 11:20:00       675
feature-top
ලබන වසරේ ජනවාරි මාසයේදී මවු පදවිය ලබන්න පෙරුම් පුරමින් සිටින ජනප්‍රිය නිළියක් ගැන උණුසුම් ආරංචියක් එහා රටින් ලැබුණා. මේ සුපිරි තරුව, රාණි මුඛර් ජි. ඇය මනාලියක් වුණේ ගිය වසරේ අප්‍රේල් 21 දා. ඇගේ අත ගත්තේ ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරයකු සහ අධ්‍යක්ෂවරයකු වන ආදිත්‍ය චොප්රා. දෙදෙනා ගේ විවාහ සිදුවුණේ ප්‍රසිද්ධියක් නැතුවයි. විවාහයෙන් පසුව රාණි සිනමා රංගනයට එක්වුණේ නැහැ. සැමියාගේ සිනමා වැඩකටයුතුවලට පමණක් හවුල් වුණා. ඒ අතර දෙදෙනා නිතර ම විදේශයන් හි සංචාරය කළා.

පසුගිය ජූලි මාසයේ අග සතියේ දී ආදිත්‍ය රාණි යුවළ ලන්ඩන් නුවරට පිටත්ව ගියා. එහිදි ආදිත්‍ය, තම බිරිඳ රාණි ව කැටුව ගැබිණි මවුවරුන් සඳහා වෙන්වූ එක්තරා සායනයක් වෙත ගිය බවයි ආරංචි. මේ ආරංචිය පැතිරුණේ ඒ බව දුටුව කෙනෙකුගෙන්. රාණි, මවුවරුන්ගේ සායනයකට ගිය බව ඔහු කිහිප දෙනෙකුට ම පවසා තිබෙනවා. ඒ උණුසුම් ආරංචිය ලැව් ගින්නක් බවට පත්වුණා. අන්තිමේදී එය නතර වුණේ බොලිවුඩ්පුරයෙන්.

මේ ගැන හාරා අවුස්සන්න පෙරමුණ ගත්තේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්. එක්තරා හමුවකදී ඔවුන් මේ ගැන විමසුවේ රාණිගේ ම සොහොයුරිය ජ්‍යොති මුඛර්ජි ගෙන්. ඇය ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක්. ඔව්. රාණි ට බබෙක් ලැබෙන්න ඉන්නවා. ඇය එක එල්ලේ ම උත්තර දෙමින් ආරංචියේ සත්‍ය තත්වය තහවුරු කළා.

ලන්ඩන් නුවර සංචාරයෙන් පසුව ආදිත්‍ය - රාණි යුවළ වෙනත් විදේශයකට පිටත්ව ගොස් ඇති බවයි පැවසෙන්නේ. ඒ වුණත් ඒ කුමන රටකට දැයි තවමත් කිසිවකු දන්නේ නැහැ. සමහරු කියන්නේ රාණි තම කුලුඳුල් දරුවා ලබන්න විදේශයක රෝහලකට යනු ඇති බවයි. ඒත් රාණි සහ ආදිත්‍යට සමීප හිතවත් අය කියන්නේ රාණිගේ දරුවා ලබන්නේ වෙන කොහේවත් නොව මුම්බායි නුවර රෝහලකදීම බවයි. කොහේ ඉපදුණත් රාණි - ආදිත්‍ය යුවළගේ දරුවා වෙනුවෙන් ම වෙන් වූ විශේෂ කාමරයක් තම නි‍ෙවසේ සකසන්න ආදිත්‍ය දැන් පටන් ම සැලසුම් කරමින් සිටිනවාලු.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »