Home / බොලිවුඩ් ගොසිප් / සල්මන්ට දෝෂාරෝපණයක්

සල්මන්ට දෝෂාරෝපණයක්

2015-09-09 09:40:00       674
feature-top

සුපිරි නළු සල්මන් ඛාන්ට පසුගිය සතියේ අලුත් චෝදනාවකට මුහුණ දෙන්න සිදුවෙලා. ඒ, දුගී දුප්පත් පවුලකට උදව් කරන බවට ඔහු විසින් දෙන ලද පොරොන්දුවක් කඩකිරීම නිසයි.

මීට මාස පහකට පමණ කලින් සල්මන් මේ පොරොන්දුව දී තිබුණේ ඉන්දියාවේ අනන්ට්නාග් දිස්ත්‍රික්කයේ ගම්මානයක වෙසෙන දිළිඳු පවුලකටයි. ඔහු ප්‍රධාන චරිතයක් රඟන බජ්රන්ගි භයිජාන් නම් වූ චිත්‍රපටයේ දර්ශන කිහිපයක් මේ ගම්මානයේ රූගත කරන්න ගිය අවස්ථාවේදියි සල්මන්ගේ ඇස් මේ දිළිඳු පවුල වෙත යොමුවුණේ.

මේ පවුලේ ගෘහ මූලිකව 75 වියැති සයිනා බෙගම්. ඇගේ දියණිය, දිල්ෂාඩා ජාන් 40 වියැති සිවු දරු මවක්. ඒ දරුවන් අතර සිටින වැඩිමල් පුත්‍රයාගේ වයස අවුරුදු 18 ක්. ගොව්හාර් අහමඩ් නම් වූ ඔහුට තමන් රඟන චිත්‍රපටවල සේවකයකු ලෙස වැඩ කිරීමේ අවස්ථාව ලබා දෙන බව සල්මන් පොරොන්දු වී තිබෙනවා. ඒ විතරක් නොවෙයි හරිහැටි නිවෙසක් නැති මේ දිළිඳු පවුලට මුම්බායි නගරයෙන් නි‍ෙවසක් ලබා දෙන බවට ද සල්මන් තවත් පොරොන්දුවක් දීලා. ඒත්, සල්මන් මේ පොරොන්දු කිසිවක් තවම ඉටුකර නැතැයි සයිනා බෙගම් චෝදනාත්මකව පවසනවා.

මම සල්මන්ගෙ ආරක්ෂක නිලධාරියාගෙ ෆෝන් එකට කීප වතාවක්ම කතා කරන්න හැදුවා. ඒත් එයා කතා කළේ නැහැ. මම දැන් පාසල් යාමත් නවත්තලයි ඉන්නෙ. ගොව්හාර් දුක්මුසුව පැවසුවා. සල්මන්ගේ සේවකයන් කිහිප දෙනෙකු පැවසුවේ සයිනා බෙගම් වෙනුවෙන් නව නි‍ෙවසක් ඉදිකිරීම දැනටමත් ආරම්භ කර ඇති බවයි. මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන්නේ නදීර් නම් වූ ඉදිකිරීම් කටයුතු කරන අයෙක්. ඔහු පැවසුවේ සල්මන්ගේ ඉල්ලීම මත තමන් මෙම නි‍ෙවස ඉදි කරමින් සිටින බවයි. මට දැන් මේ වෙනුවෙන් රු. ලක්ෂ 2 කට වඩා වියදම් වෙලා තියෙනවා. මේ මුදල මට සල්මන් දෙන්න ඕනෙ. නැතුව ගෙයි වැඩ ඉවර කරන්න බැහැ. මේක කාමර දෙකක ගෙයක්. එක රැයින් ගෙයක් හදන්න බැහැ. තව මාසයකින් විතර වැඩ නිම කරන්න පුළුවන් වේවි. නදීර් එලෙස ප්‍රකාශ කළා.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »