Home / බොලිවුඩ් ගොසිප් / බොලිවුඩයේ ඉහළම ගෙවීම කන්ගනාටයි

බොලිවුඩයේ ඉහළම ගෙවීම කන්ගනාටයි

2015-09-08 09:30:00       676
feature-top
කන්ගනා රනවුත් නම්වූ මේ රුවැති නිළිය බොලිවුඩ් සිනමාවට එක්වුණේ 2006 දීයි. කෙටි කාලයකින්ම ජනප්‍රියත්වය වෙත ළංවීමට ඇයට වාසනාව තිබුණා. මේ වන විට ඇය කාර්ය බහුල නිළියක්. ඒ විතරක් නොවෙයි, වත්මන් බොලිවුඩ් සිනමාවේ වැඩිම මුදලක් අය කරන නිළියත් ඇයයි. අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටින ප්‍රියංකා චොප්රා සහ දීපිකා පදුකෝන් වැනි නිළියන්ටත් වඩා අද ඇය ඉහළම ගාස්තුවක් අය කරනවා.

ළඟදීම තිරගත වීමට නියමිත ක්වීන් නම් වූ බොලිවුඩ් චිත්‍රපටයේ රඟපෑමට කන්ගනා අය කළ ගාස්තුව රුපියල් කෝටි 11 ක්. මේ ගාස්තුව ප්‍රියංකා සහ දීපිකා අය කරන ගාස්තුවලට වඩා බෙහෙවින් ඉහළ බවයි පැවසෙන්නේ. කන්ගනාගේ මේ සුපිරි ගාස්තුව ගැන ඉව වැටුණු මාධ්‍යවේදියකු ඇගෙන් ඒ ගැන විමසුවා.

මම දැන් රඟපාන්න තෝරා ගන්නෙ සීමිත චිත්‍රපට ගණනක් විතරයි. චිත්‍රපට වෙනුවෙන් අය කරන මේ ගාස්තුව සාධාරණයි කියලයි මම හිතන්නෙ. කන්ගනා පවසනවා. ඇය රඟපාන අලුත්ම චිත්‍රපටය, කාට්ටි - බාට්ටි'. එහි ඇය රඟන්නේ නව පරපුරේ නළු ඉම්රාන් ඛාන් එක්කයි. ඉම්රාන් පවසන්නේ කන්ගනා මේ වන විට වැඩිම මුදලක් අය කරන නිළියක් බවට පත්ව සිටින නිසා ඇගෙන් සියලු දෙනාටම සාදයක් අවශ්‍ය බවයි.

ඒත්, කන්ගනා නම් ඉම්රාන් ගේ ඉල්ලීමට තවමත් ප්‍රතිචාර දක්වා නැහැ.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »