Home / බොලිවුඩ් ගොසිප් / කිං ඛාන්ට කෝටි 4 ක රථයක්

කිං ඛාන්ට කෝටි 4 ක රථයක්

2015-09-07 09:36:00       678
feature-top
සුපිරි නළු නිළියන්ගේ භාවිතයට වෙන් වී තිබෙන සුඛෝපභෝගී රථයක් තමයි, වැනිටි වෑන් රථය. මෙය වෑන් රථයක් ලෙස හැඳින්වූවත් එය සුඛෝපභෝගී බස් රථයක් තරම් විශාලයි. බොලිවුඩ් පුරයේ සුපිරි නළු නිළියන් කිහිප දෙනකුම මෙවැනි වාහනවල හිමිකරුවන්. චිත්‍රපට රූගත කිරීමකට එක්වී සිටිද්දී දර්ශන තලය ආසන්නයේ නවතා තැබෙන මේ වැනිටි වෑන් රථයක සියලුම අංගෝපාංග ඇතුළත් වෙනවා. නළුවා හෝ නිළියගේ වේශ නිරූපණ කටයුතුවල පටන් සියලුම අවශ්‍යතා මේ වෑන් රථයෙන් සපිරෙනවා.

සුපිරි නළු ශාරුක් ඛාන් මෑතකදී එවැනි අලුත් වෑන් රථයක් මිලදී ගත්තා. එහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 4 ක්. මෙම වෑන් රථය සැලසුම් කළේ එවැනි වාහන නිර්මාණය කිරීමේ ප්‍රවීණයකු වන දිලිප් චැබ්රියායි. වෑන් රථය නිෂ්පාදනය කළ ඩී. සී. ඩිසයින් සමාගමේ නිලධාරියකු පැවසුවේ සුපිරි නළුවකුට අවශ්‍ය වන සියලුම පහසුකම් මෙම වැනිටි වෑන් රථය තුළ ඇතුළත් වන බවයි. මේක මිල අධිකම වෑන් රථයයි. අපි මේ වාහනය නිෂ්පාදනය කළේ ශාරුක් වෙනුවෙන්මයි. වාහනයේ බිමට දාල තියෙන්නෙ වීදුරු විශේෂයක්. වහලයට දැව වර්ගයක් යොදා තියෙනවා. ඛාන් වෙනුවෙන් වෙනම කාමරයකුත්, බාත් රූම් එකකුත් හදල තියෙනවා. තව, පැන්ට්‍රි එකකුත් තියෙනවා. වේශ නිරූපණ කටයුතුවලට වෙන් කළ විශේෂ ආසනයකුත් සවි කරලා තියෙනවා.

මේ හැරුණාම නවීන පරිගණක තාක්ෂණය මුසු වූ තවත් අංග කිහිපයක්ම තියෙනවා. ඔහු සවිස්තරව කරුණු කීවා.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »