Home / බොලිවුඩ් ගොසිප් / සනී නිසා ලිංගික අපචාර වැඩි වීමේ අවධානමක්

සනී නිසා ලිංගික අපචාර වැඩි වීමේ අවධානමක්

2015-09-04 10:33:00       677
feature-top
බොලිවුඩයේ සරාගී නිළි සනී ලියෝන් පෙනී සිටි කොන්ඩම් වෙළෙද දැන්වීමක් මේ වන විට ඉන්දියාව තුළ දැඩි ලෙස ආන්දෝලනයකට ලක්ව තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ එරට කොමියුනිස්ට් පක්ෂ නායකයෙකු වන අතුල් කුමාර් අංජාන් විසින් එය විවේචනය කිරීමයි. පසුගිය දා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ මහජන හමුවක් අමතමින් එම අතුල් කුමාර් පවසා ඇත්තේ නිල් චිත්‍රපට වල රඟපෑ නිළියක් වන සනී ලියෝන්ගේ රංගනයන් ඇතුළත් මෙවැනි වෙළඳ දැන්වීම් රූපවාහිනී සහ පුවත්පත් මගින් ප්‍රචාරය වීම නිසා සමාජය තුළ ලිංගික හැඟීම් වර්ධනය වන බවයි.

කෙසේ වෙතත් සනී ලියෝන් මීට පෙර ද මෙලෙස කොන්ඩම් වෙළඳ දැන්වීම් සඳහා පෙනී සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.  සනී ලියෝන්ගේ පෙර ජිවිතයේ වගතුග පිළිබඳ අපහාසාත්මකව කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අතුල් කුමාර් අංජාන් වෙත විවේචන එල්ල වෙමින් තිබෙනවා. එමෙන්ම ඇය ඟපෑ වෙළඳ දැන්වීමක් හේතුවෙන් රට තුළ ලිංගික අපරාධ වැඩිවෙනවා යැයි පැවසීම හාස්‍යට කරුණක් බව බොහෝ දෙනා පවසනවා.

34 හැවිරිදි සනී ලියොන් හින්දි සිනමාවට පිවිසීමට ප්‍රථම නිල් චිත්‍රපට සඳහා දායක වූ බව ඇය විසින්ම ප්‍රසිද්ධයේ ප්‍රකාශයක් සිදුකර තිබුණා. ජිසම් 2 චිත්‍රපට හරහා බොලිවුඩයට ප්‍රවිශ්ඨ වන සනී ලියොන් මේ වන විට බොලිවුඩයේ සිටින සරාගීම නිළියන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටිනා නිළියක් බව කවුරුත් දන්නා කාරණයක්.


curtesy : http://www.hirunews.lk


More News »