Home / බොලිවුඩ් ගොසිප් / සුනිල් ෂෙට්ටිගේ දුව නිවාස අඩස්සියේ

සුනිල් ෂෙට්ටිගේ දුව නිවාස අඩස්සියේ

2015-09-01 11:18:00       673
feature-top

මීට දශක දෙකකට පමණ පෙර අතිශය ජනප්‍රිය නළු සුනිල් ෂෙට්ටි ගැන වගතුග පළවෙද්දී ඔහු සහ බිරිය සමඟ දූ දරුවන් ද පෙනී සිටියා. ඒ ඡායාරූපවල පෙනී සිටි පුංචි දියණිය අද නව යොවුන් යුවතියක්. ඇය තමයි ආතියා ෂෙට්ටි. මේ රුවැති යෞවනිය දැන් බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නට සූදානම්. ඇගේ කුලුඳුල් රැඟුම් ඇතුළත්වූ හීරෝ චිත්‍රපටය ලබන මාසයේ 25දා තිරගත කිරීම ආරම්භ කෙරෙනවා.

චිත්‍රපටය තිරගත කෙරෙන තුරු තම දියණිය ගැන තොරතුරු සහ ඇගේ ඡායාරූප මාධ්‍ය වෙතට පත්වීමෙන් වළක්වා ලන්නටයි සුනිල් ෂෙට්ටි සහ ඔහුගේ බිරිය, මානා ෂෙට්ටි උත්සාහ දරමින් සිටින්නේ. විශේෂයෙන්ම පැපරාසි ඡායාරූප ශිල්පීන්ගේ උකුසු ඇස්වලට හසුවීම එතරම් නුවණට හුරු දෙයක් නොවන බවයි, සුනිල් ෂෙට්ටි පවසන්නේ. මේ නිසා තම දියණියට රාත්‍රී සාදවලට සහභාගීවීමට, යහළු යෙහෙළියන් සමඟ කෙළිදෙලෙන් පසුවීමට විතරක් නොවෙයි, සවස් කාලවලදී නිදහසේ ඇවිද යන්නටත් තහංචි පනවන්නට ආතියාගේ මව (මානා ෂෙට්ටි) උත්සුක වෙලා.

සුනිල් ෂෙට්ටි සහ මානා ෂෙට්ටි පවසන්නේ චිත්‍රපටය තිරගත වීමට කලින් තම දියණිය පැපරාසින් ගේ අවධානයට ලක්වුවහොත් නිසැකයෙන් ම ඔවුන් ඇගේ වෘත්තීය සහ පෞද්ගලික ජීවිතයට කැළලක් සිදු කරන බවයි. ඒ නිසා වඩාත්ම සුදුසු වන්නේ ආතියා ෂෙට්ටි නිවෙසට ම වී කාලය ගත කිරීම බවයි සුනිල් සහ මානා ගේ අදහස. හීරෝ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟන්නේ සුරාජ්පන්චෝලි සහ ආතියා ෂෙට්ටියි. මෙහි නිෂ්පාදනය සල්මන් ඛාන් සහ සුභාෂ් සායි.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »