Home / බොලිවුඩ් ගොසිප් / පැරදුණු නිසා ජුවල් ගිහින්

පැරදුණු නිසා ජුවල් ගිහින්

2015-08-31 10:18:00       673
feature-top
'කිංස් ලෙවන් පන්ජාබ්' යන නාමය ඇසූ සැණින් ම ඔබට ඒ ගැන වැඩිදුරටත් අටුවා ටීකා සපයන්න අවශ්‍ය නැහැ. සුප්‍රකට අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියට තරග වදින මේ ක්‍රිකට් කණ්ඩායමේ සම අයිතිකාරියක් තමයි, ජනප්‍රිය නිළි ප්‍රීටි සින්ටා. ඇය පසුගියදා තමන්ගේ ද අයිතිවාසිකම් තිබෙන 'කිංස් ලෙවන් පන්ජාබ්' කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට දොස් පවරා තිබුණු බවට ආරංචියක් පැතිරී ගියා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ කතාබහක යෙදී ප්‍රීටි සින්ටා, 'කිංස් ලෙවන් පන්ජාබ්' ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ 'සැක කටයුතු ක්‍රියා' ගැන තමන්ට දැන ගන්න ලැබුණු බව පැවසූ බවයි. පසුගිය කාලය තුළ පැවැත්වූ 'අයි.පී.එල්' තරගවලදී 'කිංස් ලෙවන් පන්ජාබ්' පිල පරාජය වූයේ ක්‍රීඩකයන්ගේම උවමනාව මත යැයි ද ඇය ප්‍රකාශ කර තිබෙනවා. ඇය පැවසූ 'සැක කටයුතු' ක්‍රියා යනු රහසිගත මුදල් ගනුදෙනු බවට සැකයක් නැහැ. ප්‍රීටි තමන් ලද මේ ආරංචියට තවත් ආරළු බූරළු එක් කරමින් කියා ඇත්තේ පසුගිය ක්‍රිකට් තරගවලදී කිංස් ලෙවන් පන්ජාබ් පිල ක්‍රීඩා කළ ශෛලි‍යෙහි කිසියම් රටාවක් සහ කලින් ගත් යම් තීරණවලට අනුව ක්‍රීඩා කිරීමෙහි ලක්ෂණ පෙන්නුම් කළ බවයි.

ප්‍රීටිගේ මේ කතාව ඉන්දීය පුවත්පත්වල සහ‍ වෙබ් අඩවිවල පළවුණා. මේවා දුටු ප්‍රීටි බෙහෙවින් ම කෝපයට පත්වුණා. ඇය මාධ්‍යවලට දොස් පැවරුවා. "මේවා අමූලික බොරු. මොකටද මේවගේ කිසිම පදනමක් නැති වල්පල් ලියන්නෙ? මම මේ වගේ කතාවක් කොහේදිවත් කිව්වෙ නැහැ. මම මෙහෙම දෙයක් කිව්වද කියලා අහල, ඒක තහවුරු කර ගෙන නෙ‍මෙයි, ඔය කට කතාව පතුරුවලා තියෙන්නෙ." ප්‍රීටි දැඩි කෝපයෙන් කියා සිටියා.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »