Home / බොලිවුඩ් ගොසිප් / රූපශ්‍රීයට සම පැහැපත් කරන

රූපශ්‍රීයට සම පැහැපත් කරන

2015-08-28 11:29:00       675
feature-top
උපතින්ම ලැබූ ලස්සන රුව රැක ගන්න බොලිවුඩ් පුරයේ රූබර නිළි පරපුර නොයෙකුත් උපක්‍රම යොදනවා. මෑතක් වන තුරුම මේ ළඳුන් තම සුරූපී පෙනුම රැක ගැනීමටත් වැඩිකර ගැනීමටත් සිලිකන් වැනි රසායන ද්‍රව්‍ය සිරුරට එක්කර ගත්තා. විශේෂයෙන්ම මුහුණේ පෙණුුම වැඩිකර ගැනීමට, එවැනි උපක්‍රම යෙදුවේ සැත්කම් කිරීමෙන්. දැන් එවැනි සැත්කම් වෙනුවට සිදුකෙරෙන්නේ සම පැහැපත් කිරීමේ උපක්‍රමයක්. මෙයද සැත්කම් විශේෂයක්. මුළු සිරුරේම සම පැහැපත් කෙරෙන මෙවැනි සැත්කම් කරගත් කිහිප දෙනකුම බොලිවුඩ් සිනමාවේ සිටින බවයි පැවසෙන්නේ.

ජනප්‍රිය නිළි කාජල් එවැනි සුරූපිනියක්. ඇය මීට වසර ගණනකට පෙර බොලිවුඩ් සිනමාවට එක්වූ සමයේදී රඟපෑ 'බාසිගර්' චිත්‍රපටය ඔබට මතකද? එහි රඟපෑ කාජල් අද වන විට වෙනස් වෙලා‍. එදා ඇය වෙතින් දිස්වුණේ තරමක දුඹුරු පැහැති සමක්. ඒත් මෑතකදී 'මයිනේම් ඉස් ඛාන්', 'කභි කුෂි කභි ගම්' වැනි චිත්‍රපටවල දකින කාජල්ගේ රුව එදාට වඩා පැහැබරයි. මෙයට හේතුව ඇය තම සම පැහැපත් කිරීමට සැත්කමක් කර ගැනීම බවයි සමහරු පවසන්නේ. හැබැයි කාජල් නම් එවැන්නක් ප්‍රකාශ කර නැහැ. කොහොම වෙතත් කාජල් එදාට වඩා අද ලස්සන වීම නම් කාටත් සතුටක්.

ප්‍රවීණ නිළි ශ්‍රී දේවි සිනමා රංගනයට එක්වූයේ කුඩා අවධියේදීමයි. දැරියක ලෙස රඟපෑ ශ්‍රී දේවිට වඩා කාලයක් ගතවීමෙන් පසු දකින ශ්‍රි දේවිගේ ස්වරූපයෙහි වෙනස්වීම අරුමයක් නොවෙයි. ඒත් මීට වසර ගණනකට චිත්‍රපට වල රඟපාද්දී දක්නට ලැබුණු ඇගේ රුව මේ වනවිට බෙහෙවින් ‍වෙනස් වී ඇතැයි සමහරු පවසනවා. ඇය (බොනී කපූර් සමඟ) විවාහ වී දරුවන් ද ලද පසුව ඇගේ ස්වරූපය වෙනස්වීම ස්වභාවික කාරණයක්. මේ කියන්නේ ඒ වෙනස නොවෙයි. ඇගේ නාසයෙහි ස්වරූපය සහ සමෙහි වර්ණය සැබෑ වෙනසකට ලක්වී ඇති බවයි.

මෙයින් හඟවන්නේ කට කතා වලින් ඇසෙන්නේ එදා තිරගතවූ සොල්වා සාවන්, වැනි චිත්‍රපටවල රඟපෑ තළ එළලු, තරබාරු ගතියකින් සිටි ශ්‍රී දේවි අද වන විට සිහින් සිරුරක් හිමි පැහැපත් සමකට උරුමකම් කියන නිළියක් වී ඇති බවයි. ඇය, තම නාසයේ පෙනුම වෙනස් කර ගත්තේ සැත්කමකින් යැයි පැව‍සෙනවා. ඉන් පසුව සිරුර පැහැපත් කරගත්තේ අලුත්ම සැත්කම් ක්‍රමයක් භාවිතා කිරීමෙන් යැයි ද පැවසෙනවා.

භානු රේඛා ගනේෂන් හෙවත් රේඛා මේ වනවිට ගත කරමින් සිටින්නේ තම ජීවිතයේ පස්වැනි දශකයේ අගභාගයයි. දකුණු ඉන්දීය සිනමාවෙන් රංගන ක්ෂේත්‍රයට දොරට වඩින විට ඇගේ පෙනුම අද තරම් ඔපවත්වී තිබුණේ නැහැ‍. ඒත් අද ඇය එදාට වඩා රුවැති නිළියක් වී සිටිනවා. මේ වෙනසට හේතුව ඇය ද සම පැහැපත් කර ගැනීමේ සැත්කම සිදුකර ගැනීමලු.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »