Home / බොලිවුඩ් ගොසිප් / ටැබ්ලට් එකෙන් රහස හෙළිවෙලා

ටැබ්ලට් එකෙන් රහස හෙළිවෙලා

2015-08-26 11:13:00       677
feature-top
'ඕල් ඉස් වෙල්' නම් වූ අලුත්ම බොලිවුඩ් චිත්‍රපටය තිරතවීම නිමිත්තෙන් පසුගියදා මාධ්‍ය හමුවක් මුම්බායි නුවරදී පැවැත්වුණා. මේ වෙනුවෙන් සහභාගි වී සිටියේ ප්‍රවීණ නළු රිශි කපූර් සහ වත්මන් බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළියක් වන අසින් තොටුම්කල්.

මෙහිදී කවුරුත් නොදැන සිටි රහසක් රිශි කපූර්ගේ ම මුවෙන් නික්මුණා. ඔහුගෙන් කියැවුණේ අසින් තොටුම්කල් පසුගියදා විවාහ ගිවිසගෙන ඇති බවයි. විවාහ මංගල උත්සවය ළඟදීම පැවැත්වෙන බවත් පැවසුණා. මේ ආරංචිය ප්‍රකාශ කළ රිශි, අසින් දෙස බලමින් මෙලෙස විමසුවා.

"අසින්, ඇය ඔයා මේ ගැන මොනවත් නොකියන්නේ? ඔයාට ටැබ්ලට් එකක්වත් ඕනෙද?" ඔහු එලෙස විමසා සිටියේ සිනහවක් නඟමින්. ඒත් අසින් සිනාසුණා මිස කිසිවක් කීවේ නැහැ.

මාධ්‍ය හමුවෙන් පසුව මේ ගැන සොයා බැලූ මාධ්‍යවේදීන්ට දැන ගන්නට ලැබුණේ අසින් විවාහ ගිවිසගෙන ඇත්තේ රාහුල් ශර්මා නමැති ව්‍යාපාරිකයා සමඟ බවයි. ඔහු 'මයික්‍රොමැක්ස් මොබයිල්ස් ඇන්ඩ් ටැබ්ලට්' සමාගමේ අයිතිකරුවෙක්. රිශි කපූර්, අසින්ගෙන් ටැබ්ලට් එකක් ඕනෙදැයි ඇසුවේ මේ ගැන ඉඟියක් කිරීමේ අරමුණෙන් බව දැන් කාටත් තේරුම් ගොස් තිබෙනවා. රාහුල් ශර්මා, ආක්ෂේ කුමාර් සහ ට්වින්කල් ඛන්නාගේ සමීප හිතවතෙකු බවත්, අසින් රාහුල්ට හඳුන්වා දී ඇත්තේ ආක්ෂේ - ට්වින්කල් යුවළ බවත් පැවසෙනවා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »