Home / බොලිවුඩ් ගොසිප් / සුරූපී නිළි කාජල්ට රසිකයෙක්ගෙන් අතවර - Video

සුරූපී නිළි කාජල්ට රසිකයෙක්ගෙන් අතවර - Video

2015-08-24 09:48:00       675
feature-top
ඉන්දීය සිනමාවේ සුරූපී නිළි කාජල් අග්‍රවාල්ට පසුගිය දිනෙක සිය රසිකයෙක් ඇයට නොහොඹිනා ක්‍රියාවක් සිදුකර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය පවසන්නේ ඉදිරියේදී රිදීතිරයට පැමිණීමට නියමිත 'පුලි' චිත්‍රපටයේ ගීත නිකුතුව එළිදැක්වීමේ අවස්ථාවට සහභාගිවීම සදහා කාජල් ගොස් නැවත එම ස්ථානයෙන් පිටත්වීම සදහා එළිමහනට පැමිණ ඇති බවයි. එම අවස්ථාවේදී අවට සිටි ඇගේ රසිකයින් ඇයගේ ශරීරයේ තෙරපී ඇති අතර, එක් පුද්ගලයෙකු ඒ මොහොතේදී කාජල්ගේ පසුපස පෙදෙස ස්පර්ශ කර තිබෙනවා. ක්ෂණිකයින් කෝපයට පත්වූ කාජල් ඇගේ රසිකයින්ට උස් හඩින් කෑගසා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කාජල් අග්‍රවාල්ගේ හුරුබුහුටි කම නිසා කොලිවුඩයේ, බොලිවුඩයේ මෙන්ම තෙළිගු සිනමාවේ ඇයට බාල මහලු රසිකයින් රැසක් සිටිනවා. ඇගේ ප්‍රධාන රංගනයෙන් මීට ටික දිනකට පෙර "මාරී" දෙමළ චිත්‍රපටය ලොව පුරා තිරගත වුණා.

සුරූපී නිළි කජාල් අග්‍රවාල් මෙලෙස බැන වැදුනු අවස්ථාව සහිත වීඩියෝව පහතින් බලන්න....




Hiru News


More News »