Home / බොලිවුඩ් ගොසිප් / තරු සාදයක් ගිනියම් වෙයි

තරු සාදයක් ගිනියම් වෙයි

2015-08-23 12:42:00       673
feature-top
සුප්‍රකට මෙහ්බූබ් චිත්‍රාගාරයේ පසුගියදා සාදයක් තිබුණා.බොලිවුඩයේ සුපිරි නළු නිළියන් කිහිප දෙනකුම මෙයට එක්වී සිටියා. රන්බීර් කපූර්, දීපිකා පදුකෝන් යුවළ මේ සාදයේ ප්‍රධාන චරිත දෙකක්. චිත්‍රපට අධ්‍යක්ෂ ඉමිටියාස් අලි සහ නිෂ්පාදක සජිද් නදියද්වාලා ද මේ අතර සිටියා. සාදය පැවැත්වුණේ ඉමිටියාස් අලි අධ්‍යක්ෂණය කළ 'ටමාෂා' නම්වූ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම් සාර්ථකව නිමාවට පත්කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන්. රූගත කිරීම් අවසන් වූ‍ෙය් සිකුරාදා දිනයකයි. සාදය පැවැත්වූයේ සෙනසුරාදා රාත්‍රියේයි. මෙය සංවිධානය කළේ චිත්‍රපටයේ නිෂ්පාදක සජිද් නයෙද්වාලායි. 'ටමාෂා' චිත්‍රපටයට දායක වූ සියලුම දෙනා එකතු වූ මේ ප්‍රීතිමත් මොහොතේදී මේ කවුරු කවුරුත් කමින් බොමින් සිනා සෙමින් සතුටු සාමීචියෙහි පැටළුණා.

විශේෂයෙන්ම මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑ රන්බීර් කපූර් සහ දීපිකා පදුකෝන් මහ හඬින් සිනාසෙමින් සංග්‍රහ භුක්ති විඳින අයුරු බොහෝ දෙනෙකු දෑස් දල්වා බලාෙගන සිටියා. ඇඳිරි වැටීගෙන එද්දී ඇරඹුණු මේ සාද තිබුණු ශාලාවෙන් සිනා හඬ එතුණු කතා බහ පැවතුණේ පැයක් හෝ දෙකක් පමණයි. එක්වරම කාගෙ කාගේත් කතා බහ නැවතුණා. සියලු දෙනාගේම නෙත් යොමුවුණේ ශාලාවට පිවිසුණු එක්තරා සුරූපිනියක් වෙතටයි.

ඇය සෙමින් සෙමින් පිය මනින අතරේ බැලුවේ රන්බීර් සහ දීපිකා දෙසයි. ඇය කවුරුන්ද? ඇය තමයි කට්රිනා කායිෆ්. ඇය මේ සාදයට පැමිණ තිබුණේ අනාරාධිතවයි. කට්රිනා, රන්බීර්ගේ පෙම්වතිය බව කවුරුත් දන්නවා. ඒ විතරක් නොවෙයි. දීපිකා, රන්බීර්ගේ හිටපු පෙම්වතිය බවත් කවුරුත් දන්නා දෙයක්. එහෙමනම්, කට්රිනා හදිසියේ පැමිණ ඇත්තේ රන්බීර් ගේ 'වැඩකටයුතු' පරීක්ෂා කරන්නද? සාදයේ රැඳී සිටි 'ටමාෂා' චිත්‍රපටයේ ශිල්පියකු පැවසුවේ රන්බීර් සමීපයට ගිය කට්රිනා, දීපිකා දෙස නුරුස්නා බැල්මක් හෙළා රන්බීර් සමඟ සාදයෙන් පිටව ගිය බවයි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »