Home / බොලිවුඩ් ගොසිප් / ජැකලින් - අර්ජුන් ඇයි හිතවත්...?

ජැකලින් - අර්ජුන් ඇයි හිතවත්...?

2015-08-21 11:30:00       677
feature-top
සුප්‍රකට 'අයිෆා' සිනමා උලෙළ මෑතකදී පැවැත්වුණේ මැලේසියාවේදීයි. බොලිවුඩ් තරු විසිතුරු රූ රටා මැවූ මේ අයිෆා වසන්ත කාලය කාගේත් සිත් ගත්තා. ඒ අතර එහෙන් මෙහෙන් මතු වූ කයි කතන්දර ද නැත්තෙත් නැහැ. යොවුන් නළු නිළි යුවළක් වන අර්ජුන් කපූර් සහ ජැකලින් ෆර්නැන්ඩස් පටලවා ගෙතූ කතන්දරය ද එවැන්නක්.

ඒ කතාවට අනුව ජැකලින් සහ අර්ජුන් අතර සමීප හිතවත්කමක් ගොඩනැඟී තිබෙනවාලු. මේ වන විට ඒ සබඳකම තව තවත් දලුලමින් වැඩෙනවාලු. දෙදෙනා අතර මෙවැනි සම්බන්ධකමකට මුල පිරු‍ණේ අයිෆා උලෙළේදීලු. දෙදෙනාම ඒ උලෙළට සහභාගි වුණේ, මාධ්‍ය සාකච්ඡාවලට එක්වී සිටියේ එකටලු. හැබෑටම ජැකලින්, මේ ආරංචිවල ඇත්තක් තියෙනව ද? මෙහෙම ඇහුවේ ඉන්දියාවේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්. එයට ජැකලින් දැක්වූ ප්‍රතිචාරයයි, මේ...

මම තාමත් තනිකඩ කෙනෙක්. ඔය වගේ සම්බන්ධයක් මගෙයි අර්ජුන් අතරෙයි නැහැ. ඇයි මගෙන් ම විතරක් ඔය ගැන අහන්නෙ? ඇයි අර්ජුන්ගෙන් අහන්නෙ නැත්තෙ? අපි දෙන්නා මාධ්‍ය සාකච්ඡාවකට ඇවිත් හිටියා. එතැනින් පස්සෙ තමයි, මේ කට කතාව පටන් ගත්තේ. අර්ජුන් නම් මේ ඕපාදූපය අහල හිනා වුණා. මේක මහ විහිළු කතාවක්. අපි දෙන්න ආශ්‍රය කරන්නෙ යාළුවො දෙන්නෙක් විදිහටයි. වෙන ඇඟෑලුම්කමක් නම් නැහැ. අපි දෙන්නම මේ දවස්වල හරිම කාර්යබහුලයි. ඔය වගේ දේවල් ගැන හිතන්න වෙලාවක් නැහැ.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »