Home / බොලිවුඩ් ගොසිප් / මධුරිට ආයෙත් 'පෙම් කරන්න' හිතයිලු

මධුරිට ආයෙත් 'පෙම් කරන්න' හිතයිලු

2015-08-19 12:01:00       674
feature-top
එදා අසූව, අනූව දශකවලදී ඉහළ ජනප්‍රියත්වයක් ලබා සිටි නළුවකු තමයි, ජැකී ශ්රොෆ්. ඔහු, සුපිරි නිළි මධුරි ඩික්සිත් සමඟ චිත්‍රපට රැසක රඟපා තිබෙනවා. 'දේව්දාස්', 'ලජ්ජා', 'කල්නායක්', 'රාම් ලඛන්', 'පාරින්දා', 'ප්‍රේම් දිවානි' එවැනි චිත්‍රපටවලින් කිහිපයක්. ජැකී පසුගිය දා පැවසුවේ මධුරි සමඟ තවත් අලුත් චිත්‍රපටයක රඟපෑමට තමන් දැඩි කැමැත්තකින් පසුවන බවයි. ඇගේ පෙම්වතා හැටියට රඟපාන්න ඇත්නම් එය සතුට දනවන කාරණයක් බවයි ඔහු පවසන්නේ.

'මධුරි තව චිත්‍රපටවල රඟපාන්න ඕනෙ. එයා මාත් එක්ක ප්‍රේම ජවනිකාවල රඟපෑවොත් වඩාත් හොඳයි. දැන් අපි දෙන්නම බලාගෙන ඉන්නෙ, ඒ වගේ චිත්‍රපටයක් ලැබෙන තුරු. ළඟදීම ඒ වගේ චිත්‍රපටයක් ලැබේවි කියල හිතෙනවා.' මේ වන විට 58 වැනි වියෙහි පසුවන ජැකී පවසනවා.

ජැකී තවමත් බොලිවුඩ්පුරයේ ජීවමාන චරිතයක්. ඔහු රඟපෑ අලුත්ම චිත්‍රපටය 'බ්‍රදර්ස්.' ආක්ෂේ කුමාර් සහ සිද්ධාර්ත් මල්හොත්‍රා ද රඟන මෙය, සටන් ජවනිකා පිරුණු චිත්‍රපටයක්. ජැකී පවසන්නේ වත්මන් බොලිවුඩ් චිත්‍රපටවල නිර්මාණය වී ඇති සටන් ජවනිකා එදාට වඩා බෙහෙවින් වෙනස් ස්වරූපයක් ගෙන ඇති බවයි.

'ක්‍රියාදාම, සටන් ජවනිකා ඇතුළත් වුණ අද හැදෙන චිත්‍රපටවල යොදා ගැනෙන තාක්ෂණික උපක්‍රම දියුණුයි. ඒත් එදා සටන් ජවනිකාවල රඟපාද්දි අපිට මේ වගේ පහසුකම් තිබුණෙ නැහැ. සටන් ජවනිකාවල රඟපාපු හුඟක් අවස්ථාවල මට අනතුරු වෙලා තියෙනවා. අද නම් එච්චර අවදානමක් නැහැ.' ජැකී අතීතය ද සිහිපත් කළා.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »