Home / බොලිවුඩ් ගොසිප් / ඩිම්පල්ට ආක්ෂේට ට්වින්කල්ට නීති ප්‍රශ්නයක්

ඩිම්පල්ට ආක්ෂේට ට්වින්කල්ට නීති ප්‍රශ්නයක්

2015-08-16 04:52:00       674
feature-top
සුපිරි තරුවකට අයිතිවාසිකම් කියන ජනප්‍රිය නිළියකගේ කතාවක් පසුගිය දා බොලිවුඩ්පුරයෙන් ඇසුණා. මේ ආන්දෝලනාත්මක නිළිය තමයි, අනිටා අද්වානි. ඇය බොලිවුඩය ඔපවත් කළ නිළියක්. මේ වන විට 51 වැනි වියෙහි පසුවන ඇය, වසර ගණනාවක්ම බොලිවුඩයේ සුපිරි තරුව රාජේෂ් ඛන්නා සමඟ එක වහලක් යට ජීවත් වුණා. ඒ, රාජේෂ්ගේ නිත්‍යනුකූල බිරිය වූ ජනප්‍රිය නිළි ඩිම්පල් කපාඩියා ඔහුගෙන් ඈත්ව ගියාට පසුවයි. ර‍ාජේෂ්, අනිටා සමඟ ජීවත් වුවද ඔවුන් දෙදෙනා විවාහ වී සිටියේ නැහැ. රාජේෂ්, ඩිම්පල් ගෙන් නිත්‍යනුකූලව වෙන්වී සිටියේත් නැහැ.

රාජේෂ් මියගියේ 2012 ජූලි මාසයේදී. ඔහු මිය යන්නට මාස කිහිපයකට කලින් ඩිම්පල් ඔහුගේ නිවෙසට පැමිණියා. එම නිවෙස තමයි, කවුරුත් දන්නා ආශිර්වාද් බංගලාව. ඒ වන විට අසනීපව සිටි රාජේෂ්ට සාත්තු කිරීමට තමන් පැමිණි බවයි ඩිම්පල් කියා තිබුණේ. රාජේෂ් මියගිය පසුව මේ බංගලාව අයිති වුණේ ඩිම්පල්ටයි. 2014 අගෝස්තු මාසයේදී මෙය ව්‍යාපාරිකයකු වන ශශි කිරාන් ශෙට්ටිට විකුණා දැමුණා. ඔහු මේ බංගලාව ඉවත් කර වෙනත් ගොඩනැඟිල්ලක් ඉදිකරන්නටයි දැන් කටයුතු කරමින් සිටින්නේ.

අනිටා අද්වානි මීට පෙර මුම්බායි මහාධිකරණයෙහි නඩුවක් පවරමින් ප්‍රකාශ කළේ රාජේෂ් මිය ගියායින් පසුව ඩිම්පල් සහ ඇගේ දියණිය ට්වින්කල් ඛන්නාත් බෑණා, ආක්ෂේ කුමාර් තමන්ව ආශිර්වාද් නිවෙසින් පන්නා දැමු බවයි. රාජේෂ් සමඟ ජීවත් වූ තමන් එලෙස පීඩනයට පත් කිරීම ඉන්දීය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත අනුව දඬුවම් දිය හැකි වරදකැයි අනිටා අද්වානී ප්‍රකාශ කරනවා. ඒ අනුව ඩිම්පල් කපාඩියා, ඇගේ දියණිය ට්වින්කල් ඛන්නා සහ බෑණා, ආක්ෂේ කුමාර්ට දඬුවම් ලබා දෙන්නැයි ඇය ඉල්ලා සිටියා. ඒත් මුම්බායි මහාධිකරණය ඇගේ නඩුව ප්‍රතික්ෂේප කළේ එය විභාගයටවත් නොගෙනමයි. මේ නිසා අනිටා පසුගිය දා එම තීන්දුවට එරෙහිව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. එම හේතුවෙන් පසුගිය සතියේදී ඩිම්පල්, ට්වින්කල් සහ ආක්ෂේට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි නිකුත් කෙරුණා.

රාජේෂ්, ඩිම්පල්ගෙන් වෙන්වෙලා අවුරුදු විස්සකට කිට්ටු කාලයක් මාත් එක්කයි හිටියේ. අපි දෙන්නා විවාහ වෙලා නොහිටියත්, අපි ජීවත් වුණේ විවාහ වුණ දෙන්නකුටත් වඩා සමඟියෙන්. අනිටා එලෙස පැවසුවා. ඇය තවදුරටත් තම අභියාචනයෙන් ප්‍රකාශ කරන්නේ රාජේෂ්ගේ අන්තිම කැමැත්ත අනුව ආශිර්වාද් බංගලාව කෞතුකාගාරයක් කළ යුතුයැයි ඔහු ප්‍රකාශ කර ඇති බවයි. ඒ නිසා එම ගොඩනැඟිල්ල විනාශ කර දමන්නට ඉඩ නොදිය යුතු යැයි ද ඇය සඳහන් කර තිබෙනවා.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »