Home / බොලිවුඩ් ගොසිප් / ආක්ෂේට පිහිටවූ රුමේනියාවේ අත්තම්මා

ආක්ෂේට පිහිටවූ රුමේනියාවේ අත්තම්මා

2015-08-13 11:07:00       673
feature-top
ප්‍රභූ දේවා දකුණු ඉන්දීය සිනමාවෙන් බොලිවුඩ් සිනමාවට එක්වුණේ දක්ෂ රංගන ශිල්පියකු හැටියටයි. ඔහුගේ රංගන සහ නර්තන විලාසය රසික රසිකාවියන්ගේ හදවත් පැහැරගන්නට සමත් වුණා. ප්‍රභූ දේවා දැන් ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ මීළඟ චිත්‍රපටය සිං ඉස් බ්ලිං'. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ආක්ෂේ කුමාර්, ලාරා දත්තා සහ ඇමි ජැක්සන් ඇතුළු නළු නිළියන් රැසක්.

මේ චිත්‍රපටයේ දර්ශන කිහිපයක්ම රුමේනියාවේදී රූගත කෙරුණා. විශේෂයෙන්ම, මෙහි ඇතුළත් වන කූටප්‍රාප්තිය මතුවන දර්ශන රැසක් රූගත කෙරුණේ රුමේනියාවේ ට්‍රන්සිල්වේනියා ප්‍රදේශයේ පිහිටි සුප්‍රකට බ්‍රැන් මාලිගාව හෙවත් ඩැකියුලාගේ මාලිගාව ලෙස හැඳින්වෙන දර්ශනීය ගොඩනැඟිල්ලේදීයි. මේ දර්ශනවල ආක්ෂේ කුමාර් රඟන සටන් ජවනිකා රැසක්ම රූගත කෙරුණා. ඒ මොහොතේ ඔහු හැඳ සිටියේ විශේෂ ඇඳුම් කට්ටලයක්. මෙය නිර්මාණය කර තිබුණේ චිත්‍රපටයේ කතා තේමාවට ගැළපෙන අයුරින්.

දර්ශන කිහිපයක්ම ඉතා සාර්ථකව රූගත කෙරුණා. ඒත් එක් අවස්ථාවකදී ආක්ෂේගේ ඇඳුමේ කොටසක් ඉරී ගියේ කවුරුත් බලාපොරොත්තු නොවූ අයුරෙන්. මේ නිසා, එම දර්ශන රූගත සන්නාලියකුගේ සහාය ලබා ගන්න අධ්‍යක්ෂවරයා විමසිලිමත් වුණා. ඒත් හදිසියේ එවැන්නකු පෙනෙන තෙක් මානයක සිටියේ නැහැ. ඔය අතරේ චිත්‍රපටය රූගත කෙරෙන අයුරු දැක ගන්නට වයෝවෘද්ධ කාන්තාවක් පැමිණ සිටියා. ඇය අධ්‍යක්ෂ ප්‍රභූ දේවාට සැල කර සිටියේ ඉරුණු ඇඳුම මසා දෙන්න තමන්ට හැකි බවයි. ප්‍රභූ දේවා ඇය සමඟ මේ ගැන කතාබහ කළා. ඇගේ වයස අවුරුදු 89 ක්. මේ රුමේනියානු කාන්තාව අධ්‍යක්ෂවරයාට තමන්ගේ හැකියාව පවසා ඉක්මනින්ම නිවෙසට ගොස් තමන් සතු කුඩා මහන මැෂිම චිත්‍රපට දර්ශන තලය සමීපයට රැගෙන ආවා. අධ්‍යක්ෂ ප්‍රභූ දේවාවත් ආක්ෂේවත් සිතුවේ නැහැ, මේ වයෝවෘද්ධ කාන්තාවට ඉරී ගිය ඇඳුම මහන්නට හැකිවේ ය කියා. ඒත් විනාඩි කිහිපයක් ඉක්ම යද්දී ආක්ෂේගේ ඉරුණු ඇඳුම පෙර තිබුණු විලාසයෙන්ම මසා දෙන්න ඇයට හැකි වුණා. අධ්‍යක්ෂ ප්‍රභූ දේවා, ආක්ෂේ කුමාර් ඇතුළු සියලු දෙනාම මේ කාරුණික අත්තම්මාට ස්තුති කළේ ඇයට දීර්ඝායුෂ පතමින්.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »