Home / බොලිවුඩ් ගොසිප් / සල්මන්ගේ ෆෝන් එකෙන් ගේම් ගහපු පුංචි කෙල්ල

සල්මන්ගේ ෆෝන් එකෙන් ගේම් ගහපු පුංචි කෙල්ල

2015-07-23 02:30:00       525
feature-top
බොලිවුඩයේ සුපිරි නළු සල්මන් ඛාන් වීම තමන්ගේ එකම සිහිනය බව රිදී තිරයේ පුංචි නිළි හර්ෂාලී මල්හෝත්‍රා පවසනවා. වයස අවුරුදු 7 පසුවන හර්ෂාලී සල්මන් ඛාන් සමග "බජරන්ගි බායිජාන්" චිත්‍රපටයේ රගපෑ පුංචි නිළියයි. මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් එම පුංචි නිළිය පවසන්නේ සල්මන් ඛාන් අංකල් ලෙස තමන් ගැයුමෙන් රැගුමෙන් ද ඉදිරියට පැමිණීමට කැමති බවයි. හර්ෂාලී "බජරන්ගි බායිජාන්" චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර සිදුකළ ක්‍රියාවන් පිළිබදවද එම මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබෙනවා. ඒ මේ ආකාරයෙන්.....

"මම සල්මන් අංකල්ගේ ෆෝන් එකෙන් ගේම් ගහලා තියෙනවා. ඒ වගේම කබීර් අංකල්ගේ ලැප් ටොප් එකෙන් බාබි ගේම් ගැහුවා. එත් කරීනා ආන්ටිත් එක්ක නම් සෙල්ලම් කරන්න හම්බ වුනේ නැහැ. මොකද එයා හුගක් බිසී නිසා."

"ඒ වගේම සල්මන් අංකල් මාත් එක්ක ටේබල් ටෙනිස් ද සෙල්ලම් කළා."

"බජරන්ගි බායිජාන්" චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝව පහතින් නරඹන්න....




More News »