Home / බොලිවුඩ් ගොසිප් / විහිළුවෙන් සනී ගේ ඇස් රතුවෙලා

විහිළුවෙන් සනී ගේ ඇස් රතුවෙලා

2015-07-20 11:26:00       545
feature-top
'නරක' නාමයකින් යුතුව බොලිවුඩ්පුරයට එක්වූ සනි ලියොන් දැන් ජනප්‍රිය බොලිවුඩ් නිළියක පමණක් නොවෙයි. ජනප්‍රිය රියැලිටි වැඩ සටහන් මෙහෙයවමින් එහි නිවේදන කටයුතුවලට ද සහභාගි වන ශිල්පිනියක්. ඒ වුණත් සනි ලියොන් යනු අසැබි චිත්‍රපටවල රඟපෑ නිළියක බව කාටවත් අමතක වී නැහැ. ඒ හේතුවෙන් ඇයට ඇතැම් පුද්ගලයන්ගෙන් අවකැපෙන කතා අහන්නට සිදුවී තිබෙනවා.

සනි ලියොන් පසුගිය දා 'ස්පිට්ස්විලා' නම්වූ රියැලිටි වැඩ සටහනේ තරගකරුවන් සමඟ කෙටි සම්මුඛ සාකච්ඡාවල යෙදී සිටියේ ප්‍රේක්ෂකයන්ව ප්‍රබෝධවත් කරමින්. සුප්‍රකට එම්. ටී. වී. (Music Television) චැනලයෙන් විකාශය වන ස්පිට්ස්විලා' 8 වැනි සටහන් මාලාවට එලෙස එක්වූ සනි, එදා කෙටි සම්මුඛ සාකච්ඡාවක යෙදුණේ එහි ජයග්‍රාහකයා වූ පරාස චබ්රා නමැති නිරූපණ ශිල්පියා සමඟයි. විසිපස් වැනි වියෙහි පසුවන ඔහු 'ස්පිට්ස්විලා - 5' සුපිරි නර්තන තරුව ලෙස කිරුළු පැලඳුවේ තියුණු තරගයකින් පසුවයි.

ජයග්‍රහණයෙන් පසුව වේදිකාවේදී පරාස් චබ්රා සමඟ කෙටි කතාබහකට එක්වෙමින් සනී ලියොන් ඇසුවේ මෙම රියැලිටි වැඩ සටහනට එක්වූයේ ඇයිදැයි යනුවෙන්. ඒ ප්‍රශ්නයට එක එල්ලේම උත්තර දුන් පරාස්, මෙලෙස කීවා, 'ඔයා නිසා තමයි, මට මේ වැඩ සටහනට එන්න හිතුණේ.' මේ උත්තරයෙන් සනිගේ ස්වරූපය තරමක් වෙනස් වුණා. ඇය ඒ බවක් පිටතට නොපෙන්වන්නට උත්සාහ කළත් සිදුවූ වෙනස කාට කාටත් තේරුණා. කොහොම වෙතත් ඇය තව දුරටත් පරාස් සමඟ කතාබහ කළා. ඒ කතාබහේදී ද ඔහු ඇයට උත්තර දුන්නේ හාස්‍යය මුසු වූ යෙදුම්වලින්.

වැඩ සටහන නිමාවට පත්වූ පසුව සනී පැවසුවේ පරාස් චබ්රා තමන්ට අනවශ්‍ය දේ කියමින් තමන්ව දැඩි අපහසු තත්ත්වයකට පත් කළ බවයි. ඒ වුණත් මේ රියැලිටි තරුව පවසන්නේ ඊට වඩා වෙනස් දෙයක්.

"ඒ වෙලාවෙ සනි මාත් එක්ක වගේම අනෙක් තරගකරුවන් එක්කත් සැහැල්ලුවෙන්, විනෝදෙන් කතාබහ කළා. ඉතින් මමත් ඒකට ගැළපෙන විදිහට උත්තර දුන්නා. එහෙම නැතුව සනිත් එක්ක සම්බන්ධකමක් ඇතිකර ගන්න කතා කළා නෙමෙයි." තමන් අවකැපෙන කතා නොකියූ බවයි පරාස් පවසන්නේ.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »