Home / බොලිවුඩ් ගොසිප් / බයිසිකලෙන් ජගත් සංචාරයක්

බයිසිකලෙන් ජගත් සංචාරයක්

2015-07-09 11:17:00       695
feature-top
බයිසිකලයක් පැදීම ඒ තරම් ලොකු දෙයක් නොවෙයි. හැබැයි, නන්නාඳුනන රටක ප්‍රධාන නගරයක බයිසිකලයක් පැදගෙන යාම තරමක චකිතයක් ඇති කරවන සුලු කාරණයක්. පහුගිය සතියේ මේ දුර්ලබ අත්දැකීම ලැබුවේ බොලිවුඩයේ කිං හෙවත් ශාරුක් ඛාන්.

ඔහු පාපැදියක නැගී එය පැදගෙන ගියේ චිත්‍රපටයක රංගනයක් වෙනුවෙන් බල්ගේරියාවේදීයි. චිත්‍රපටය, දිල්වාලේ. රෝහිත් ෂෙට්ටි අධ්‍යක්ෂණය කරන, මේ චිත්‍රපටයේ ජනප්‍රිය නිළි කාජල් ද රංගනයෙන් එක්වෙනවා. ශාරුක් සහ කාජල් පසුගිය සතියේ දිල්වාලේ චිත්‍රපටය වෙනුවෙන් දර්ශන කීපයක රඟපෑවේ බල්ගේරියාවේ නගරයකදීයි. රූගත කිරීම් වලින් පසුව බයිසිකලයේ නැගී වීථි සංචාරය කළ ශාරුක්, ඉන්පසුව ඒ අත්දැකීම තම ට්විටර් පිටුවෙහි සටහන් කර තිබුණා.

ශාරුක් ට ලැබුණු බයිසිකලය දිල්වාලේ චිත්‍රපටයේ රූගතකිරීම් නිම වන විට ඔහුට තිළිණයක් ලෙසින් පරිත්‍යාග කළ බවයි අධ්‍යක්ෂ රෝහිත් ෂෙට්ටි ප්‍රකාශ කළේ. තෑග්ග ලැබුණු පසුව ශාරුක්ට අලුත් අදහසක් පහළ වුණා. ඔහු දැන් පෙරුම් පුරමින් සිටින්නේ බයිසිකලයේ නැගී නැගෙනහිර යුරෝපා රටවල සංචාරය කරන්නයි. ඒ බවද ඔහු තම ට්විටර් පිටුවෙහි සටහන් කර තිබුණා.

බල්ගේරියාවේ රූගත කිරීම්වලට පිටත්ව යන්න කලින් ශාරුක්ගේ දණහිසක ආබාධයක් හට ගෙන තිබුණා. වෛද්‍ය උපදෙස් මත එයට ශල්‍යකර්මයක් ද සිදු කළ බවයි ආරංචි වුණේ. එවැනි තත්වයකදී ශාරුක්ට බයිසිකලය පැදගෙන නැගෙනහිර යුරෝපයේ සංචාරය කරන්න හැකිවේවිද? ශාරුක් නම් කියන්නේ හිත මිතුරු ‍රෝහිත් ෂෙට්ටි තමන්ට බයිසිකලයක් තෑගි කළේ දණ හිසෙහි අසනීපය සුව වීමට බවයි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »