Home / බොලිවුඩ් ගොසිප් / රිතික් කොටි හටනක

රිතික් කොටි හටනක

2015-07-08 02:31:00       694
feature-top
'මොහෙන්ජෝදාරෝ' මේ දිනවල රූගත වෙමින් තිබෙන අලුත් ම බොලිවුඩ් චිත්‍රපටයක්. අශුතෝජ ගොවරිකර් අධ්‍යක්ෂණය කරන මෙහි ප්‍රධාන චරිතය රඟන්නේ රිතික් රෝෂන්. හරප්පා ශිෂ්ටාචාරය පසුබිම් කරගත් ඓතිහාසික කතාවක් රැගත් මේ චිත්‍රපටයේ රිතික් නිරූපණය කරන්නේ ඓතිහාසික චරිතයක්. එය සිහිගන්වන්නේ ඔහු මීට පෙර ජෝදා අක්බාර් චිත්‍රපටයේ රඟපෑ චරිතය බවයි, බොහෝ දෙනා පවසන්නේ.

චිත්‍රපටයේ එන එක්තරා දර්ශනයක රිතික්ට කොටි‍යකු සමඟ පොරබදින අවස්ථාවක් නිරූපණය කරන්න සිදුවුණා. එය ලෙහෙසියෙන් රඟපෑ හැකි ජවනිකාවක් නම් නොවෙයි. මේ වෙනුවෙන් පළමුවෙන් ම කළ යුතු වූයේ රිතික්ගේ ශරීරයට දැනට වඩා පිරිපුන්, ශක්තිමත් පෙනුමක් මුසුකරවීමයි. ඉන්පසුවයි,

ඔහුට මේ ත්‍රාස ජනක ජවනිකාව වෙනුවෙන් පුහුණුවීම් කරන්නට සිදුවන්නේ. මේ කටයුත්තට වඩාත් ම සුදුසු පුද්ගලයා සත්‍යජිත් චෞරාසියා නම් වූ කායවර්ධන ශිල්පියා බවයි අධ්‍යක්ෂ අශුතෝජගේ අදහස වුණේ. ඒ අනුව ඔහු ඒ කාර්යය සත්‍යජිත් හට පැවරුවා.

මොහෙන්ජදාරෝ චිත්‍රපටයේ තිර රචනය විශිෂ්ටයි. ඒ වගේ චිත්‍රපටයක වැඩ කරන්න ලැබීම විශේෂත්වයක්. රිතික් මගෙ හොඳම යාළුවෙක්. එයා, තමන්ගෙ ශරීරයේ පෙනුම ගැන ගොඩක් සැලකිලිමත් වන කෙනෙක්. ව්‍යායාම් කරන්න එහෙමත් හරිම කැමැතියි. ඉතින්, මේ චිත්‍රපටයේ තියෙන කොටියෙක් එක්ක සටන් කරන ජවනිකාවට ගැළපෙන විදිහට රිතික්ගෙ ශරීරය හැඩ ගස්වන වගකීම මම භාර ගත්තෙ හරිම කැමැත්තෙන්. සත්‍යජිත් චෞරාසියා එලෙස ප්‍රකාශ කළා.

පසුගිය සති කීපය තුළ නම් රිතික් මඳක් අසනීපව සිටියා. එයට හේතුව, මොහෙන්ජදාරෝ චිත්‍රපටයේ රූගත කිරීමකදී රිතික්ගේ උරහිසක් ආබාධයකට ලක්වීමයි.

වෛද්‍යවරු ඔහුට උපදෙස් දුන්නේ සති 6 ක පමණ කාලයක් විවේකීව සිටින ලෙසයි. ඒත්, අධ්‍යක්ෂ අශුතෝජ ගොවරිකර්, රිතික් ට තවත් සති 3 ක නිවාඩුවක් ලබා දී තිබෙනවා. අධ්‍යක්ෂවරයා පැවසුවේ මේ චිත්‍රපටයේ රඟපෑමට නම් රිතික් හොඳ ශරීර සෞඛ්‍යයකින් යුතුව සිටිය යුතු බවයි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks
Generic placeholder image

අද කාලගුණය

2019-11-14 09:18:00

More News »