Home / බොලිවුඩ් ගොසිප් / කිලෝ 15 ක් බර ඇඳුමක්

කිලෝ 15 ක් බර ඇඳුමක්

2015-07-07 05:07:00       594
feature-top
දශක දෙකක පමණ කාලයක් තුළ විවිධ චරිත රඟමින් ප්‍රේක්ෂක හදවත් තුළ ලැගුම්ගත් සුපිරි තරුව, ශ්‍රී දේවි පුළුල් තිරය වර්ණවත් කරන්නට පැමිණ සිටිනවා. ඒ, දෙමළ චිත්‍රපටයක් වන පුලි සමඟ. දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි නළු විජේ සමඟ ශ්‍රී දේවි රඟන මේ චිත්‍රපටය ත්‍රාස ජනක සිදුවීම් රැසක් වටා ගෙතුණු සිනමා නිර්මාණයක්.

විවාහයෙන් පසු ටික කාලයක් සිනමාවෙන් ඉවත්ව සිටි ශ්‍රී දේවි, නැවතත් ඊට එක්වුණේ 2012 දී තිරගත වූ ඉංග්ලිෂ් වින්ග්ලිෂ් චිත්‍රපටයෙන්. එතැනින් පසුව ඇය නැවතත් රංගනයෙන් ඉවත් වුණා. ඇගේ තුන්වැනි සිනමා චාරිකාව පුලි චිත්‍රපටයෙන් ඇරැඹේවිදැයි හරියටම කියන්න බැහැ. කොහොම වෙතත් දකුණු ඉන්දීය සිනමා රසික පරපුර ඇගේ අලුත් ම රංගනය දැක ගන්නට දැඩි උනන්දුවක් දැක්වූවා.

ශ්‍රී දේවි තාමත් දකුණු ඉන්දියාව තුළ ඉතාමත් ජනප්‍රිය තරුවක්. ඇය තවමත් එදා වගේම තරුණයි. මට නම් හිතෙන්නෙ මේ චිත්‍රපටයේ රඟපාන ශ්‍රැති හසන් සහ හන්සිකා මොට්වානි කියන තරුණ නිළියන් දෙන්නාට ම වඩා ලස්සනයි කියලයි. දැනට 51 වැනි වියෙහි පසුවන ශ්‍රීදේවිව එලෙස වර්ණනා කළේ පුලි චිත්‍රපටයේ අධ්‍යක්ෂ චිම්බුදේවන්.

ශ්‍රී දේවි මෙහි රඟන්නේ රැජනකගේ චරිතයක්. ඒ වෙනුවෙන් ඇයට විශේෂ ඇඳුම් පැළඳුම් නිර්මාණය කරන්නටත් සිදුවුණා. ශ්‍රී දේවිට මේ ඇඳුම් වලින් සැරසිලා අනෙකුත් වෙස් ගැන්වීම් කරන්න පැය 5 ක විතර කාලයක් ගතවුණා. මේ විශේෂ ඇඳුම කිලෝ 10 - 15 ක් විතර බරයි. චිත්‍රපටය රූගත කළ දවස්වල මේ වගේ ඇඳුමක් ඇඳගෙන රඟපාන එක හරිම අමාරු දෙයක් වුණා. මොකද, ඒ දවස්වල චෙන්නායි නගරයේ තිබුණෙ දැඩි රස්නයක්. ඒත්, ශ්‍රී දේවි කිසිම වෙලාවක කිසිම අපහසුවක් පෙන්නුවෙ නැහැ. අධ්‍යක්ෂ චිම්බුදේවන් පැවසුවා.
 

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »