Home / බොලිවුඩ් ගොසිප් / ෂාහිඩ් කපූර් යුග දිවියට

ෂාහිඩ් කපූර් යුග දිවියට

2015-07-06 09:47:00       692
feature-top
ජනප්‍රිය බොලිවුඩ් නළු ෂාහිඩ් කපූර් ජූලි මස හත්වැනිදා එනම් අනිද්දා මීරා රාජ්පුත් සමග විවාහ වෙනවා. තම විවාහය වෙනුවෙන් පවත්වන උත්සවයට තමා සමග එකට චිත්‍රපටවල රඟපෑ සියලුම නළුවන්ට හා නිළියන්ට ආරාධනා කළ බවත්, තම බිරිය ඔවුන්ට හඳුන්වාදීමට ආසාවෙන් බලා සිටින බවත් ෂාහිඩ් කියා තිබෙනවා. මේ අතර මාධ්‍ය දැඩි උනන්දුවකින් බලා සිටින්නේ ෂාහිඩ්ගේ සුප්‍රකට පැරණි පෙම්වතිය කරීනා කපූර් මෙම උත්සවයට සහභාගිවනු ඇතිද කියායි.

ෂාහිඩ් පැරණි පෙම්වතිය කරීනාට තම විවාහ මංගල උත්සවය සඳහා ආරාධනා කළ බවත් වාර්තා වෙනවා. ඇයද පවසා තිබුණේ වෙනත් බාධාවක් නොතිබෙනවා නම් තමා ඉතා කැමැත්තෙන් මෙම විවාහ මංගල්‍යයට සහභාගි වන බවයි. ජූලි හත්වැනිදා පවත්වන විවාහය පවු‍ලේ නෑ හිතවතුන්ට සීමාවන අතර මුම්බායේදී 12 වැනිදා පවත්වන උත්සවය ඉතා ඉහළින් පවත්වන බවයි වාර්තා වන්නේ. සිනමාවට සම්බන්ධ පිරිස් බහුතරය ඇරයුම් ලබා ඇත්තේ මෙම අවස්ථාවටයි. තමා ජීවිතයේ නව පරිච්ජේදයක් අරඹන අවස්ථාවේ තම සිනමා ගමන සඳහා අතදුන් සියල්ලන්ගේම ආශිර්වාදය පතන බවයි කියැවෙන්නේ. මේ අතර කරීනා මෙම විවාහ මංගල උත්සවයට සහභාගිවනු ඇතිද යන කාරණාවට මෙන්ම මාධ්‍යවල විශේෂ උනන්දුව මේ දිනවල යොමුවී ඇති තවත් කාරණාවක් වන්නේ ෂාහිඩ් තවත් ජනප්‍රිය නළුවෙක් වන රන්වීර් සිං හට මෙම උත්සවයට ඇරයුම් කර නොතිබිම ගැනයි. ෂාහිඩ් මෙය හිතාමතාම කළ බවත්, මේ නිසා රන්වීර්ගේ පෙම්වතිය වන දීපිකා පඩුකෝන්ද ඇරයුමක් ලැබි තිබුණත් මෙම විවාහයට සහභාගි නොවන බවත් මාධ්‍ය වාර්තා කරනවා. මෙයට හේතුව කුමක්දැයි අනාවරණය වී නැහැ. මේ අතර විවාහයට මාස ගණනකට පෙරම දෙදෙනා චිත්‍රපටයක රූපගත කිරීමකට සහභාගිවන අතරේ තම විවාහය ගැන ෂාහිඩ් පැවැසූ බව කරීනා කියා තිබුණා. ඒ අනුව මාධ්‍ය මේ ගැන දැනගන්නට පෙර තමා ඒ බව දැනගෙන සිටි බවත් කරීනා කියනවා. කොහොම වුණත් කුඩා කාලයේ සිට තම කිට්ටුම මිතුරා වන හා වර්තමානයේදී ජනප්‍රිය නැටුම් අධ්‍යක්ෂවරයෙකු වන අහමඩ් ඛාන්ට නොවැළැක්විය හැකි හේතුවක් මත විවාහයට සහභාගිවන්නට නොහැකි වීම ගැනනම් ෂාහිඩ් ඉතා කනස්සල්ලෙන් සිටින බව වාර්තා වෙනවා.
    වර්තමානයේ තරුණියන්ගේ සිහින කුමරා ලෙස බොලිවුඩ් සිනමාවේ සිටින නළුවන් අතර ඉදිරියෙන්ම සිටින ෂාහිඩ් මංගල දිනයේ සැරසෙන්නේ ඉහළම පෙළේ මෝස්තර නිර්මාණ ශිල්පීන් දෙදෙනකු වන මස්බා ගුප්තා හා කුනාල් රාවල් වෙතින්. මේ අය අතින්ම විවාහයට පෙර ෂාහිඩ් තම මිතුරන්ට පවත්වන උත්සවය හා මෙහෙන්දි සංගීත් උත්සව සඳහාත් ෂාහිඩ්ගේ ඇඳුම් නිර්මාණය කර තිබෙනවා. විශේෂයෙන් කුනාල් මීට පෙරත් බොහෝ අවස්ථාවලදී ෂාහිඩ්ගේ ඇඳුම් නිර්මාණය කර තිබිම නිසා එය පහසුවක් වූ බවයි වාර්තා වන්නේ. මේ අතර ජූලි 12 සාදයෙන් පසු ජූලි 13 වැනිදා සිට ෂාහිඩ් තම වෘත්තීමය කටයුතු අරඹන බවත්, මධුසමය සඳහා ඔහු නිවාඩු නොගන්නා බවත් වාර්තා වෙනවා. මේ අතර දැනටම විවිධ වෙළෙඳ සමාගම් තම වෙළෙඳ දැන්වීම් සඳහා මීරා සමග පෙනී සිටීමට ෂාහිඩ් කැමති කරවාගැනීමේ උත්සාහයක නියැළෙන බවත් වාර්තා වෙනවා.මීරා රූමත් හුරුබුහුටි යුවතියක වීම නිසා ඔවුන්ගේ උනන්දුව තවත් වැඩිවී තිබෙනවා.
ෂාහිඩ්-මීරා විවාහ මංගල උත්සවය පවත්වන්නේ අම්රිත්සාර් හි බිස් ගංගාව අසලයි. ෂාහිඩ්ගේ හා මීරාගේ පවුල්වල අය අදහන ආගමික සිද්ධස්ථානය පිහිටා ඇත්තේ මෙතැනයි. විවාහය ගැන ඇති කලබලය නිසා තමා මේ දිනවල නිදි නැති රාත්‍රියන් ගතකරන බවත් ට්විටර් පණිවුඩයක් මගින් ෂාහිඩ් දන්වා තිබුණා. ෂාහිඩ් විවාහයට පෙර තෑග්ගක් ලෙස මීරාට ඉන්දියානු රුපියල් ලක්ෂ විසිතුනක් වටිනා මුදුවක් තෑගි කළ බවත් වාර්තා වෙනවා.

Wmqgd .ekSu ,lau mqj;a m; weiqfrks
Generic placeholder image

අද කාලගුණය

2019-11-14 09:18:00

More News »