Home / බොලිවුඩ් ගොසිප් / සිද්ධාර්ත්ගේ පෞරුෂය ඉස්සරහා මම දියවෙලා යනවා - ශ‍්‍රද්ධා කපූර්

සිද්ධාර්ත්ගේ පෞරුෂය ඉස්සරහා මම දියවෙලා යනවා - ශ‍්‍රද්ධා කපූර්

2015-07-05 01:24:00       525
feature-top
ශ‍්‍රද්ධා කපූර් තමන්ගේ පෙම්වතා කොයිවගේ වෙන්න ඕනද කියලා සඟරාවකට මේ වගේ අදහසක් දක්වලා තිබුනා.

 

ආදිත්‍ය රෝයි කපූර් එක්‌ක සම්බන්ධයක්‌ තියනව කියන්නෙ ඇත්තද?

අයියෝඕක ගොඩක්‌ පරණ කතාවක්‌. ආශිකී චිත්‍රපටය තිරගත වුණාට පස්‌සෙ ගොඩක්‌ අය එහෙම කියන්න පටන්ගත්ත. ඒත් මගේ හිතේවත් ආදිත්‍යගෙ හිතේවත් ඒ වගේ අදහසක්‌ නෑ. ඕනි කෙනෙක්‌ට ඕනි දෙයක්‌ කියන්න පුලුවන්. අනික මගේ කැමැත්ත තියෙන්නෙ වෙන තැනක. ඉතින් කොහොමද ඒ කතාව ඇත්තක්‌ වෙන්නෙ.

ඔබේ සහකරුවා සිනමාවෙම කෙනෙක්‌ වුණොත්

සමහරවිට එහෙම වෙන්නත් පුලුවන්. හැබැයි එයා මට සියයට සියයක්‌ ගැලපෙන්න ඕනි. සිද්ධාර්ත් වගේ පෞරුෂයක්‌ තියෙන කෙනෙක්‌ නම් මම ගොඩක්‌ කැමතියි. ඒත් ගොඩක්‌ නළුවන්ට ඒ වගේ කොලිටීස්‌ නැහැ. එයා සිනමාවට සම්බන්ධ වෙන්නම ඕනි නෑ.

 

සිද්ධාර්ත් ගැන මොකද ඔය තරම් කැමැත්තක්‌?

අනේ මන්ද? සිද්ධාර්ත් කියන්නෙ මම ගොඩක්‌ කැමති කොල්ලෙක්‌. එයා වගේ වෙන්න කාටවත්ම බෑ. ඒක්‌ විලන් ෆිල්ම් එකට මම කැමති වුණෙත් සිද්ධාර්ත් නිසාමයි. සිද්ධාර්ත්ගෙ පෞරුෂය ඉස්‌සරහ මම දියවෙලා යනව. ඒත් ඒකෙන් කියන්නෙ නෑ මායි එයයි අතරෙ සම්බන්ධයක්‌ තියනව කියල.

Wmqgd .ekSu taIshka r weiqfrks

More News »