Home / බොලිවුඩ් ගොසිප් / එක චරිතයයි චිත්‍රපට දෙකයි

එක චරිතයයි චිත්‍රපට දෙකයි

2015-07-03 02:05:00       528
feature-top
දශක ගණනකට පෙර හින්දි තිරය කැබරේ නර්තන ලාලිත්‍යයෙන් විචිත්‍රවත් කළ හෙලන් නම් වූ ප්‍රවීණ නිළිය ප්‍රේක්ෂකයන්ට අමතක නැහැ. මේ සුපිරි තාරකාවියගේ ජීවිත කතාව මුසුවූ චිත්‍රපට දෙකක් මේ වනවිට රූගත වෙමින් තිබෙනවා. එකම චරිතයක් කේන්ද්‍ර කර ගනිමින් චිත්‍රපට දෙකක් නිර්මාණය වීම බොලිවුඩ් සිනමාව තුළ කිසියම් ගැටුම්කාරී තත්වයක් මතු කරන්නට හේතුවෙලා.

මෙයින් එක් චිත්‍රපටයක් නම් කර ඇත්තේ කැබරේ යනුවෙන්. එය අධ්‍යක්ෂණය කරන්නේ කෞවුස්තව් නාරායන්. නිෂ්පාදනය කරන්නේ බොලිවුඩයේ දිදුලන තරුවක් වූ පූජා හාට්. කැබරේ චිත්‍රපටයේ හෙලන් ගේ චරිතය නිරූපණය කරන්නේ ජනප්‍රිය නිළි රිචා චඩ්ඩා යි. අනෙක් චිත්‍රපටය නම් කර ඇත්තේ හෙලන් යනුවෙන්. අජිත් ආර්. රාජ්පාල් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හෙවත් හෙලන් ලෙස රඟන්නේ ජනප්‍රිය නවක නිළි පූනම් පාණ්ඩේ. රිචා සහ පූනම් පසුගිය දිනවල තම තමන් රඟපෑ චිත්‍රපටවල ඇතැම් දර්ශන ට්විටර් වෙබ් අඩවිවලට මුදා හැර තිබුණා.

එදා අතිශය ජනප්‍රිය නිළියක වූ හෙලන් හෙවත් හෙලන් ජයිරාග් රිචඩ්සන් බුරුම - ඉන්දියානු සම්භවයක් තිබූ තරුවක් කැබරේ චිත්‍රපටය නිෂ්පාදනය කළ පූජා භාට් ද එවැනිම සම්භවයක් සහිත නිළියක්. ඇය හෙලන්ගේ ජීවිතය අධ්‍යයනය කරන්න පටන් ගත්තේ මීට වසර දෙකකට කලින්.

කෙසේ වෙතත් කැබරේ සහ හෙලන් චිත්‍රපට දෙකම එකම තේමාවක් යටතේ නිර්මාණය වී ඇති නිසා මේ චිත්‍රපට යුගලයෙන් කුමක් ජනප්‍රිය වේදැයි දැන්ම පැවසිය නොහැකි බවයි බොලිවුඩ්පුර වාසීන් ප්‍රකාශ කරන්නේ.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »