Home / බොලිවුඩ් ගොසිප් / මෙන්න ගෝවින්ද ගේ දියණියත් සිනමාවට

මෙන්න ගෝවින්ද ගේ දියණියත් සිනමාවට

2015-06-30 09:30:00       549
feature-top
සිනමා රංගනයේ දී නර්තනයටත් හාස්‍යයටත් විශේෂ හැකියාව පෙන් වූ බොලිවුඩ් තරුවක් තමයි, ගෝවින්ද. ඔහුගේ රංගන කුසලතා උරුම කර ගත් ඇය, ටීනා අහුජා. පුංචි කාලෙදි ඇයව හැඳින්වූයේ නර්මදා කියලයි. ඇයව ගෙදරදී කවුරුත් ඇමතුවේ ටීනා කියලා. නර්මදා හෙවත් ටීනා දැන් යෞවනියක්. මේ වන විට 25 වැනි වියෙහි පසුවන ඇය රඟපෑ කුලුඳුල් චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතයි.

නර්මදාව ටීනා අහුජා යනුවෙන් සිනමා ලොව තුළ හඳුන්වන්නේ ඒ නම ඇගේ ජනප්‍රියත්වයට හේතුවක් වේ යැයි තිබෙන විශ්වාසය නිසාලු. ඇගේ පියා ගේ නමත් මේ අයුරින් ම වෙනස් කර තිබෙනවා. සිනමාවට පිවිසෙන්නට කලින් ගෝවින්දගේ නම ගෝවින්ද් අහුජා. ඔහු ගෝවින්ද බවට පත්වුණේ රංගන ක්ෂේත්‍රයට පිවිසීමත් එක්කමයි. බොලිවුඩ් සිනමාවේ සුපිරි තරුවක් වූ ගෝවින්ද ඉන්දීය දේශපාලනයට එක්වී මන්ත්‍රීවරයකු බවටත් පත්වුණා.

නර්මදා හෙවත් ටීනාත් මුල පුරන්නේ එවැනි ගමනකට ද දන්නෙ නැහැ. කොහොම වෙතත් ගෝවින්ද ගේ දියණිය බොලිවුඩ් සිනමාවට එක්වන බවට කටකතා පසුගිය අවුරුදු පහක කාලයක් තිස්සේ පැතිරී ‍ගොස් තිබුණා. ඒවා දැන් නතර වෙලා. ඇගේ කුලුඳුල් රඟපෑම් ඇතුළත් සෙකන්ඩ් හෑන්ඩ් හස්බන්ඩ් නම් වූ හාස්‍යෝත්පාදක චිත්‍රපටය ළඟදීම තිරගත වෙනවා. ඒ ගැන ඇය පසුගියදා සම්මුඛ සාකච්ඡාවකදී මෙලෙස කතාකර තිබුණා.

මේ චිත්‍රපටයට කලින් මට ගොඩක් චිත්‍රපටවලට ආරාධනා ලැබුණා. ඒ එකකටවත් මම කැමැති වුණේ නැත්තෙ ඒවයේ තිර රචනා හිතට ඇල්ලුවෙ නැති නිසා හුඟක් දුරට කල්පනා කරල තමයි, මම මේ චිත්‍රපටයෙ රඟපෑවෙ.

මේ කතාබහේදී ඇයට මෙවැනි ප්‍රශ්නයක් යොමු කෙරුණා. ඔයාගෙ තාත්තා සුපිරි තරුවක්. තාත්තගෙ බලපෑම මත චිත්‍රපටවල රඟපාන්න පුළුවන් නේද?

ඒ ප්‍රශ්නයට ටීනා මෙහෙම උත්තර දුන්නා.

මම නම් කැමැති නැහැ ඒ වැඩේට. මම සෙකන්ඩ් හෑන්ඩ් හස්බන්ඩ් චිත්‍රපටයට සම්බන්ධ වුණේ අධ්‍යක්ෂ ස්මීප් කාන් ට ටෙලිෆෝන් එකෙන් මම ම කතා කරලයි. මීට කලින් මම එයා අධ්‍යක්ෂණය කළ පන්ජාබ් චිත්‍රපටයක් දැකලයි කතා කළේ. මාස කීපයකට පස්සෙ එයා මට කතා කරල මේ චිත්‍රපටයෙ කතාව කිව්වා. ඉන් පස්සෙ තමයි මම ඒ රඟපාන්න කැමැති වුණේ.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »