Home / බොලිවුඩ් ගොසිප් / සායිෆ්ටත් නඩුවක්

සායිෆ්ටත් නඩුවක්

2015-06-29 09:24:00       579
feature-top
දෙදහස් දොළහේ පෙබරවාරි විසි දෙවැනිදා නඩුවකට මුහුණ දීමට සිදුවිය හැකි අවාසනාවන්ත සිද්ධියකට තමන් පැටලේවි යැයි ජනප්‍රිය නළු, සායිෆ් අලි ඛාන් මොහොතකටවත් සිතුවේ නැහැ. ඔහු එදා සවස් යාමයේ හයිද්‍රාබාද්හි පිහිටි ටාජ් හෝටලයේ අවන්හලට තම බිරිඳ කරීනා, නෑනන්ඩිය වන කරිස්මා, බොලිවුඩ් නිළි. මලෙයිකා අරෝරා සහ ෂකීල් ලඩක් සහ බිලාලි අම්රෝහි සමඟ පැමිණ‍ියේ රාත්‍රී ආහාරය ගන්නයි. සතුටු සාමීචියෙහි යෙදෙමින් සිටි සායිෆ් ඇතුළු පිරිසට ටික වේලාවකින් සිදුවුණේ ගැටුමකට පටලැවෙන්නයි.

දකුණු අප්‍රිකාවේ ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටින ඉක්බාල් වීර් ෂර්මා ද එහි පැමිණ සිටියා. කුමක් හෝ කාරණාවක් නිසා සායිෆ් ඔහු සමඟ උණුසුම් වචන හුවමාරුවකට පැටලුණා. එය කෙළවර වුණේ අතින් පයින් පහර දීමෙන්. හෝටලයෙන් පිටව ගිය ඉක්බාල් පොලිසියිට පැමිණිල්ලක් කරමින් ප්‍රකාශ කළේ සායිෆ් තමන්ට සහ තම මාමණ්ඩිය වන රාමන් පටේල් ට පහර දුන් බවයි. සායිෆ් ගේ පහරකට තම නාසය බිඳී තුවාල වූ බවත් ඔහු සඳහන් කළා. පොලිසිය මේ ගැන සායිෆ්ගෙන් ප්‍රශ්න කළ විට ඔහු කී‍ෙව් ඉක්බාල්, තම බිරිඳත් නෑනාත් ඉදිරියේ පරුෂ වචනයෙන් බැණ වැදුණු නිසා මෙවැනි ගැටුමක් ඇතිවූ බවයි. කෙසේ වෙතත් සායිෆ් සහ ඔහුගේ මිතුරන් වන ෂකීල් සහ බිලාලිවද අත්අඩංගුවට ගත්තා. පසුව ඔවුන් තිදෙනාම ඇප පිට නිදහස් කෙරුණා.

මේ පිළිබඳ සායිෆ් ට සහ මිතුරන් දෙදෙනාට එරෙහිව පැවරූ නඩුව තවමත් විභාග වෙමින් පවතිනවා. පසුගිය නඩුවාර කිහිපයකටම සායිෆ් පැමිණ සිටියේ නැහැ. ඒ හේතුවෙන් අධිකරණය ඔහුට නියෝග කළේ පසුගිය 18 දා පැවති නඩු විභාගයට අනිවාර්යයෙන් ම සහභාගි වන ලෙසිනි. එසේ නොපැමිණියහොත් වරෙන්තු නිකුත් කරන බවද ඔහුට දන්වා තිබුණා. ඒ අනුව පසුගියදා ඔහු අධිකරණයෙහි පෙනී සිටියා. එදින නඩු විභාගයේදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ මේ සිද්ධිය සමථයකට පත්කරගන්නා ලෙසයි. සායිෆ් ඊට එකඟ වුණා. ඒත් ඔහුගේ පහරකෑමට ලක්වූයේ යැයි කියන ඉක්බාල් ඊට එකඟ වී නැහැ.

මේ නිසා වැඩිදුරටත් එය විභාග කිරීමට නඩු විභාගය ජූලි 22 දාට කල් තැබූ බවයි ආරංචි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »