Home / බොලිවුඩ් ගොසිප් / ප්‍රියංකාගේ Twitter ගිණුම

ප්‍රියංකාගේ Twitter ගිණුම

2015-06-26 09:23:00       592
feature-top
බොලිවුඩ් නිළියක් මේ දිනවල අධික ප්‍රීතියෙන් කාලය ගත කරනවා කියලා ආරංචි වුණා. ඇය සතුටින් සිටින්නේ ආදරණීය රසික රසිකාවන් සහ මිතුරු මිතුරියන් නිසාලු. ප්‍රියංකා චොප්රා තමයි මේ විදියට දැන් සතුටින් ඉන්නේ. ඇයගේ ට්විටර් ගිණුමේ මිතුරු මිතුරියන් ගණන මිලියන දහයක්. ඒ නිසා තමයි ප්‍රියංකා මේ තරම් සතුටින් ඉන්නේ. ප්‍රියංකා නම් කියන්නේ ඒක කියන්න බැරි තරම් සතුටක් කියලා. මේ මිලියන දහයටම ස්තූති කරනවා කියලත් ප්‍රියංකා පවසනවා.

2000 වසරේ ලෝක රූ රැජන වූ ප්‍රියංකා බොලිවුඩ් සිනමාවට පැමිණියේ වැඩිම මුදලක් අය කරන නිළියක ලෙසින්. ෆිල්ම් ෆෙයාර් සම්මාන සහ ජාතික සම්මාන ගණනාවක් දිනූ ඇය අමෙරිකානු ත්‍රාසජනක රූපවාහිනි කතා මාලාවක ප්‍රධාන චරිතය නිරූපණය කරනවා.

Quantico (ක්වෙන්ටිකෝ) නම් වූ එය ලබන සැප්තැම්බර් මාසයේදී විකාශය වෙන්න නියමිතයි. මේ දිනවල ඇයගේ රංගනයෙන් ඔපවත් වන Dil Dhadakne Do (දිල් ධඩක්නේ දෝ) චිත්‍රපටය තිරගත වෙනවා. ඊට අමතරව Bajrao Mastani (බජ්රාඕ මස්තානි) චිත්‍රපටයේ රූගත කිරීම් සඳහාත් ඇය දායක වෙමින් සිටින්නේ.


Wmqgd .ekSu irih mqj;a m; weiqfrks

More News »