Home / බොලිවුඩ් ගොසිප් / කිං ඛාන් ට තවත් ක්‍රිකට් පිලක්

කිං ඛාන් ට තවත් ක්‍රිකට් පිලක්

2015-06-24 09:44:00       544
feature-top
ඉන්ඩියන් ප්‍රිමියර් ලීග් හෙවත් අයි.පී.එල්. යන අතුරු තුන ක්‍රීඩා ලෝලීන් විතරක් නොවෙයි, සිනමා රසික පිරිසත් හොඳින් හඳුනනවා. බොලිවුඩ් සිනමාවේ සුපිරි තරු මේ තරගාවලියට සම්බන්ධ වී සිටීම එයට හේතුවයි. මේ සබඳකම ඇතිවී තිබෙන්නේ බොලිවුඩයේ සුපිරි නළු නිළියන් කිහිප දෙනෙකුම අයි.පී.එල්. තරගාවලියේ ක්‍රීඩා කරන ක්‍රිකට් කණ්ඩායම් මිලදී ගෙන තිබෙන නිසයි.

මේ ක්‍රිකට් කණ්ඩායම් අතරින් කොල්කටා නයිට් රයිඩර්ස් පිලෙ හි හිමිකාරත්වය දරන්නේ සුපිරි නළු ශාරුක් ඛාන්. මෑතකදී ඔහු තවත් ක්‍රිකට් කණ්ඩායමක් මිලදී ගත්තා. හැබැයි, මේ ක්‍රිකට් පිල තරගවදින්නේ කැරිබියන් ප්‍රිමියර් ලීග් නම් වූ තරගාවලියටයි. කැරිබියන් දූපත්වල පැවැත්වෙන මේ ක්‍රිකට් තරගාවලියට තරග වදින ට්‍රිනිඩැඩ් සහ ටුබැගෝ නම් වූ ක්‍රිකට් කණ්ඩායම තමයි, ශාරුක් මිලදී ගෙන ඇත්තේ. මෙහි හිමිකාරත්වයට වග කියන්නේ ශාරුක් විතරමක්ම ‍නොවෙයි. සුපිරි නිළි ජූහි චව්ලා සහ ඇගේ සැමියා වන ජායි මේතා ද මෙහි සම ‍කොටස්කරුවන්. ජුනි 20 දා සිට ජූලි 26 වැනිදා දක්වා පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් හෙවත් සී.පී.එල් තරගාවලියේදී ශාරුක් ගේ ට්‍රිනිඩැඩ් ඇන්ඩ් ටුබෑගෝ කණ්ඩායමත් තරග වැදීමට නියමිතයි. මේ අයුරින් සී.පී.එල්. ක්‍රිකට් කණ්ඩායමක් මිලට ගත් ලොව තුන්වැනි සුපිරි නළුවා හැටියට සටහන් වන්නේ ශාරුක්ගේ නාමයයි. ඔහුට පෙර තවත් සී.පී.එල්. ක්‍රිකට් කණ්ඩායම් දෙකක් මිලට ගෙන ඇත්තේ මාක් වොල්බර්ග් සහ ජෙරාජ් බට්ලර් යන හොලිවුඩ් නළුවන් දෙදෙනායි. සී.පී.එල්. සහ අයි.පී.එල්. යන ක්‍රිකට් තරගාවලි දෙකම නියෝජනය කරන ක්‍රිකට් කණ්ඩායම් දෙකක් හිමි එක ම තැනැත්තා ශාරුක් බවත් මෙහිදී සටහන් කළ යුතුයි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »