Home / බොලිවුඩ් ගොසිප් / හොඳම පෙම් යුවල

හොඳම පෙම් යුවල

2015-06-18 02:30:00       591
feature-top
හොඳ මිතුරන් දෙදෙනෙක් කාලයකට පසුව හමුවුණාම දැනෙන ප්‍රීතිය වචනයෙන් විස්තර කරන්නත් අමාරුයි. ඒ වගේම රීදි තිරයේ පෙම්වතුන් කාලයකට පසුව හමුවීමත් ඒ වගේම ආදරණීයයි. පසුගිය දවසක ආදරණීය පෙම් යුවළක් මේ විදියට කාලයකට පසුව ආදරයෙන් හමු වුණා. ආදරණීයම පෙම් යුවළ ලෙසින් මේ දෙදෙනා බොලිවුඩ් රිදී තිරය හැඩ කළා. ඇය කාජල්. ඔහු ෂාරුක්.

කාලයකට පසුව සිදු වූ මේ හමුවීම කාජල්ට වගේම ෂාරුක්ටත් ගොඩක් විශේෂ වෙලා. ඇත්තටම අවුරුදු පහකට පසුව තමයි මේ දවස උදාවෙලා තියෙන්නේ. රෝහිත් ෂෙට්ටි අධ්‍යක්ෂණය කරන Dilwale  (දිල්වාලේ) චිත්‍රපටය නිසා ෂාරුක් සහ කාජල්ගේ ප්‍රේමය ආයමත් අලුත් වෙලා. පසුගිය සතියේ දිල්වාලේ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කළා. දර්ශන තලයේදී ගත් ඡායාරූප තම ට්විටර් පිටුවට එකතු කරන්නත් ෂාරුක් අමතක කළේ නැහැ. කාජල් සමඟින් සිටින ඡායාරූපයක් ෂාරුක් අන්තර්ජාලයට මුදා හැර තිබුණේ ජෝන් ලෙනන්ගේ අදහසකුත් සමඟින්.

ඔයාගේ වයස ඔයාට සිටින යහළුවන් ගණනින් ගණන් කරන්න. ඔයාගේ වයස ජීවිතයේ හිනා වූ වාර ගණනින් ගණන් කරන්න. කවදාවත් කඳුළුවලින් ගණන් කරන්න එපා ෂාරුක් එහි සටහනක් යොදා තිබුණා. ඇත්තටම ඒ ඡායාරූපයේ කාජල් හරිම ලස්සනට ඉන්නවා. මේ ඡායාරූප දුටු කාජල් කාලයකට පසු පැරණි යහළුවෙක් සමඟින් කැමරාව ඉදිරියේ යනුවෙන් එහි සටහන් කළා.

දිල්වාලේ දුල්හානියා ලේජායේන්ගේ, බාසිගර්, කරන් අර්ජුන්, කුච් කුච් හෝතා හේ වැනි සිනමා නිර්මාණ රැසක් හැඩකළ මේ අපූරු පෙම් යුවළ එක්ව අවසන් වරට තිරයට පැමිණියේ 2005 වසරේ මයි නේම් ඊස් ඛාන් චිත්‍රපටයෙන්. ඒ වගේම ෂාරුක් රෝහිත් ෂෙට්ටි එක්ව කළ චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටයත් බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වුණා. රෝහිත්ගේ දිල්වාලේ චිත්‍රපටයට ෂාරුක් සහ කාජල් සමඟින් වරුන් ධවාන් සහ කීට් ෂැනොන් ද රංගනයෙන් දායක වෙනවා. ලබන නත්තල වන විට ඔබට මේ අලුත් චිත්‍රපටය දකබලා ගන්න හැකි වේවි.

Wmqgd .ekSu irih mqj;a m; weiqfrks

More News »