Home / බොලිවුඩ් ගොසිප් / අමීර් ට නඩුවක් වැටෙයි ද?

අමීර් ට නඩුවක් වැටෙයි ද?

2015-06-17 11:07:00       579
feature-top
රටක ජාතික සංකේත දේශපාලන හෝ වෙ‍ෙළඳ කටයුතු වලට යොදා ගනිමින් ඒවා අවභාවිතයේ යොදා ගැනීම වරදක්. එය අමුතු කාරණයක් නොවෙයි. කවුරුන් හෝ එවැන්නක් සිදුකළහොත් ඔහුට හෝ ඇයට නීතිය ඉදිරියේ දඬුවම් විඳින්නට සිදුවෙනවා. අනුවණ සහ කෛරාටික පුද්ගලයන් තම පටු අරමුණු ඉටුකර ගන්නට ජාතික සංකේත භාවිත කළත් අමීර් ඛාන් වැනි දැනුම් තේරුම් ඇති අයෙකු එවැන්නක් සිදුකළැයි සිතිය හැකිද? ඔව්. අමීර් ඛාන් ද ඒ වරද සිදු කරලා.

සත්‍යමේව ජායතේ, අතිශය ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක්. (මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ අමීර් ඛාන්) ඉන්දීය මධ්‍යම රජයේ අවසරයකින් තොරව සත්‍යමේව ජායතේ වැඩසටහනේ තේමා වාදනයේදී ඉන්දීය ජාතික ගීතයේ වචන කීපයක් යොදා ගත්තැයි අමීර් ට ‍චෝදනා එල්ල වෙලා.

සත්‍යමේව ජායතේ යන වචන කීපය ඉන්දීය ජාතික ගීතයේ සඳහන් වෙනවා. මෙම වචන ඉන්දීය රජයේ පූර්ව අවසරයකින් තොරව කිසියම් කාර්යයකට යොදා ගැනීම නීති විරෝධීයි. මෙවැනි අවසරයක් ලිඛිතව ලබාගෙන තිබිය යුතු බැවින් එම අවසරය සඳහන් ලිපිය ඉදිරිපත් කරන ලෙස ඉන්දීය සමාජ ක්‍රියාකාරිකයකු වන මනෝරන්ජන් රෝයි අමීර් ට දන්වා තිබෙනවා. ඔහු මේ දැනුම්දීම සිදු කර ඇත්තේ නීතිඥ මනෝජ් සිං ගේ උපදෙස් මතයි. සත්‍යමේව ජායතේ වැඩසටහනේ නිෂ්පාදකවරුන් වශයෙන් කටයුතු කරන අමීර් ට සහ ඔහුගේ බිරිඳ වන කිරන් රාඕට සහ අධ්‍යක්ෂ සත්‍යජිත් භත්කාල් ට යැවූ මේ ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ ඉන්දීය රජයේ අවසරය ලැබූ ලිපිය ඉදිරිපත් නොකළ හොත් තමන් නීතිමය ක්‍රියාමාර්ගවලට යොමුවන බවයි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »