Home / බොලිවුඩ් ගොසිප් / ජුහී සමඟ ශබානා කේන්තියෙන්

ජුහී සමඟ ශබානා කේන්තියෙන්

2015-06-14 10:31:00       590
feature-top
ශබානා ආස්මි සහ ජූහි චව්ලා බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය තරු දෙකක්. දෙදෙනා රංගනයෙන් දායක වූ චිත්‍රපට එකිනෙකට වෙනස් වුවද දෙදෙනාම ප්‍රවීණ නිළියන් බව නම් අවිවාදිතයි. මේ දෙදෙනා රඟන අලුත් ම චිත්‍රපටය තමයි, චාක් ඇන්ඩ් ඩස්ටර්'. බොලිවුඩ් - සිනමා ‍ලොව නමක් දිනා සිටින ප්‍රවීණ වේෂ නිරූපණ ශිල්පියෙකු වන සුභාෂි සිං ගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වන මේ චිත්‍රපටය රූගත කරද්දී පුංචි ප්‍රශ්නයක් ඇතිවෙලා.

ප්‍රශ්නය මතුවී ඇත්තේ ශබානා සහ ජූහි අතරයි. ඒ, රූගත කිරීම්වලට නිසි වේලාවට නොපැමිණෙන කාරණයක් නිසයි. කලට වේලාවට රූගත කිරීම්වලට නො‍එන්නේ කවුරුන්ද? ජූහි චව්ලා තමයි නියමිත වේලාවට රූගත කිරීම්වලට නොපැමිණෙන්නේ. මේ නිසා ශබානා ආස්මි නිතරම කේන්ති‍ෙයන් සිටි බවයි ආරංචි. රූගත කිරීමක් පටන්ගන්න කලින් සිදු කෙරෙන වේෂ නිරූපණ කටයුතුවලට එක්වන ශබානා, තමන්ට අයිති වැඩ කොටස නිමවූ සැණින් ම චිත්‍රපටය රූගත කරන ස්ථානයට පැමිණෙනවාලු. ඒත් ජූහී එලෙස පැමිණෙන්නේ නැතිලු. ඇය එතැනට එන්නේ විනාඩි කීපයක් ම ප්‍රමාදවීමෙන් පසුවලු. චාක් ඇන්ඩ් ඩස්ටර් චිත්‍රපටයේ ශිල්පියෙකු පැවසුවේ ජූහි වේෂ නිරූපණ කාමරයේ අනවශ්‍ය ලෙස කාලය කා දමන බවයි. ඇයගේ ප්‍රමාදය නිසා ශබානා ට දර්ශන තලයේ විනාඩි 30 ක් හෝ 45 ක් පමණ කාලය ගත කරන්නට සිදුවන බවත් ඔහු පැවසුවා.

ජූහී ගේ ප්‍රමාදය ශබානා මුල් දවස් දෙක තුනේදී ඉවසා සිටි බවත් දිගින් දිගටම ප්‍රමාදය සිදුවන විට ඇගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇය ජුහී ට දොස් තැබූ බවත් පැවසෙනවා. මේ ගැන මාධ්‍යවේදියකු ශබානාගෙන් විමසූ විට ඇය කීවේ තමන් සහ ජූහි අතර කිසිදු ප්‍රශ්නයක් ඇති නොවූ බවයි. කාලය කළමනාකරණය කිරීම ගැන තමා ජූහි සමග සුහදව කතා බහ කළ බවයි ඇය කියා සිටියේ.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »