Home / බොලිවුඩ් ගොසිප් / ෂාරුක් හා ආමීර් නිසා සල්මන් twitter අඩවියෙන් සමුගනී

ෂාරුක් හා ආමීර් නිසා සල්මන් twitter අඩවියෙන් සමුගනී

2015-06-12 11:02:00       692
feature-top
සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් ඔහුගේ රසිකයන්ගේ ක්‍රියාකලාපය නිසා මේ දිනවල සිත් තැවුලෙන් පසුවන බව වාර්තා වනවා.

සල්මන්ගේ මෙම සිත් තැවුලට හේතුව වී ඇත්තේ ඔහුගේ ඇතැම් රසිකයන් ඔහු නිසා තවත් සුපිරි නළුවන් දෙදෙනෙකු වන ෂාරුක් ඛාන් හා ආමීර් ඛාන් ට අපහාස කරමින් සමාජ ජාල වෙත අදහස් දැක්වීමයි. එසේ අදහස් දැක්වීම නිසා එම නළුවන් දෙපළගේ රසිකයන් හා තම රසිකයන් අතර ගැටුම් ඇතිවීම තමන් පිළිකුල් කරන බව සල්මන් පවසා සිටිනවා.

ඊයේ දින සිය twitter ගිණුමට අදහස් දක්වමින් සල්මන් තවදුරටත් පවසන්නේ ඔහුගේ රසිකයන්ගේ එම ක්‍රියාකලාපය නතරවූවේ නැතිනම් තමන් සමාජ ජාල වලින් සදහටම සමුගන්නා බවයි. කලාව නිසා සතුටු වනවා වෙනුවට ගැටුම් ඇතිකරගනිමින් වෛරය පැතිරවීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි මෙම සුපිරි බොලිවුඩ් නළුවා කියා සිටින්නේ.



Wmqgd .ekSu taIshka r weiqfrks

More News »